විග්‍රහය
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි තිරසාර වර්ධන ගමන් මඟ සඳහා උපකාරීවන මූල්‍ය ධාරිතාවය මෙමඟින් නිරූපණය වේ. යම්තාක් දුරකට ක්ෂේත්රය තුළ මන්දගාමී වී ඇති ණය වර්ධනයත් සමඟ, තරඟකාරී පරිසරයක් තුළ අපගේ මූල්‍ය ප්රාග්ධනය වැඩි දියුණු කරගැනීම සම්බන්ධයෙන් අප විසින් විශිෂ්ට ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. 2017 වර්ෂය තුළ ක්ෂේත්රය තුළ පහළ බැස ඇති ලාභදායිතාවය හමුවේ වුවද, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් විසින් ශුද්ධ පොලී ආදායමේ හා බදු පෙර හා පසු ලාභයේ සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත. අපගේ මූල්‍ය තත්ත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සහ අරමුණුගත ඉදිරි ව්‍යාපාරික ක්‍රමෝපාය ඔස්සේ ඉහළ ලාභ ඉපැයීමට අපි අපේක්ෂා කරන්නෙමු. තවද පුරෝකතනය කළ ආර්ථික හා ආංශික වර්ධන අරමුණු වාසිදායක අයුරින් යොදා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසු වන්නෙමු.
2018/2019 මූල්‍ය වර්ෂයේ වාර්ෂික වාර්තාව සඳහා සබැඳුම
ස්තාරය බලන්න - අරමුදල් මූලාශ්‍ර
විග්‍රහය
අපගේ යටිතල පහසුකම් හා තොරතුරු පද්ධති අපගේ වෙළඳ පොළ ප්‍රවේශය පුළුල් කිරීම සඳහා මෙහෙයවනු ලැබේ. එමඟින් දීර්ඝ කාලීන වශයෙන් ආදායම් වැඩිදියුණු වීම හා පාර්ශකරුවන් වෙත ප්රතිලාභ හිමිවීම සිදුවෙනු ඇත. අපගේ යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය මඟින් සමාගම වෙත පැහැදිලි නිශ්චිත සේම තක්සේරු කළ නොහැකි ප්රතිලාභ ද උත්පාදනය වීමක් සිදු වේ. එමඟින් යටිතල පහසුකම්වල මෙහෙයුම් ධාරිතාවය වැඩිදියුණු වන අතරම, අපගේ ප්‍රධාන ව්‍යාපාරික මාර්ග සඳහා වෙළඳ පොළ වෙත ප්‍රවේශ වීම, කාර්යක්ෂමතාව ඉහළ යෑම සිදු කිරීම සඳහා හැකියාව ලැබේ.
විග්‍රහය
වාණිජමය හෝ සමාජීය ස්වාභාවයෙන් පවතින අපගේ සබඳතා වලදී අවධානය යොමු වනුයේ සහභාගික සියලු පාර්ශව සඳහා ජයග්රාහි විසඳුම් තත්ත්ව ඔස්සේ දිගු කාලීන සබඳතා ගොඩනගා ගැනීම සඳහා සහ ‘හවුල්කාරිත්ව වර්ධන’ අරමුණු ප්‍රායෝගික වශයෙන් යෙදවීම සඳහා ය. තිරසාර ව්‍යාපාරයක් සහ සැවොම වෙනුවෙන් වන වඩා යහපත් අනාගතයක් සඳහා වූ අපගේ මෙහෙයැවීමේ දී අපගේ සාමාජීය සබඳතා ඔස්සේ අපගේ වාණිජමය සබඳතා වැඩිදියුණු වේ.
2018/2019 මූල්‍ය වර්ෂයේ වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇති සබඳතා සඳහා සබැඳුම
නිමැවුම් සඳහා වගකීමේ ප්‍රතිපත්තිය
විග්‍රහය
බුද්ධිය වනාහි අපගේ ප්‍රායෝගික දැනීම, නායකත්වය හා ශ්රමකායේ දැනුම යන අංගවල සංකලනයක් වන අතර එය අපගේ අභ්‍යන්තර ක්‍රියාවලියේ සඵලතාවය හා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි සන්නාම සවිය දක්වා විහිදි යනු ලැබේ. අපගේ ව්‍යාපාර කටයුතු වලට ඇතුළත් වන තක්සේරු කළ නොහැකි යෙදවුම්, මේ දක්වා අප විසින් එක්රැස් කරගෙන පවත්නා දිගු කාලීන වාණිජමය අගයක් සහිත තොරතුරු මෙන්ම අපගේ සන්නාම ශක්තිය ද මෙමඟින් නියෝජනය වේ.
විග්‍රහය
අපගේ සේවදායකයන් සඳහා මනා සේවයක් සැපයීම සඳහා තරඟකාරී වාසියක් ලබා ගැනීමට අපගේ සේවක මණ්ඩලයේ කුසලතා උපයෝගී කරගන්නෙමු. ආයතනික අරමුණු කරා ප්රවිශ්ඨ වීම සඳහා ඔවුන්ගේ කුසලතා, පලපුරුද්ද හා සහජ දක්ෂතා මත අපි විශ්වාසය තබා සිටින්නෙමු. අපගේ අසමසම කාර්ය පරිසර සංස්කෘතිය ඔවුන් ආකර්ෂණය කර අප වෙත රඳවා තබන අතර ඔවුන්ගේ එක් එක් ක්ෂේත්රවල වඩා විශිෂ්ටයන් වීම සඳහා මෙහෙයවනු ලැබේ. මුදල්මය වශයෙන් ලැබෙන ප්රතිලාභ ඉක්මවා යන සමස්ත ප්රතිලාභ සමූහයක් ඔවුන් වෙත ලැබෙන අතර එමඟින් ඔවුන්ගේ පුළුල් පුද්ගලික සහ සමාජීය අරමුණු ඉටුවනු ඇත.
2018/2019 මූල්‍ය වර්ෂයේ වාර්ෂික වාර්තාවේ මානව සම්පත් ශක්තිය සඳහා සබැඳුම
විග්‍රහය
අපගේ දෛනික ව්‍යාපාරික කටයුතුවල දී, අපගේ සේවාදායකයන් වෙත වඩාත් ප්රශස්ත මට්ටමින් සේවාවන් ලබා දීම සඳහා අප විසින් භෞතික ද්‍රව්‍ය, බලශක්තිය, ජලය, අවකාශය හා අපගේ වටපිටාව ඵලදායි අයුරින් උපයෝගී කර ගනු ලැබේ. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වශයෙන් අප විසින් ස්වාභාවික සම්පත් මනා සකසුරුවමින් උපයෝගී කරගනු ලැබේ. කාබන් මධ්‍යස්ථභාවය කරා ළඟාවීමේ අපේක්ෂාව කරා පිය මැනීම සඳහා අප විසින් අපගේ ව්‍යාපාරික කටයුතු වල දී හරිත සංකල්ප අනුගමනය කරනු ලැබේ. සමාජය වෙත වගකියන ආයතනයක් වශයෙන් ස්වභාවික පරිසරය සුරක්ෂිත කර සමාජය වෙත වටිනාකමක් ලබාදෙනු වස් වාණිජමය සීමාවන් අතික්‍රමණය කරමින් අපි ඉදිරියට පියමං කරන්නෙමු.
2018/2019 මූල්‍ය වර්ෂයට අදාළ වාර්ෂික වාර්තාවේ ස්වාභාවික ප්රාග්ධනය හා සම්බන්ධිත සබැඳුම
පාරිසාරික බලපෑම් කළමනාකරණය