01.ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය විසින් පවත්වන ලද ‘CA Sri Lanka awards 2018‘ සම්මාන ප්‍රදානයේ දී සමෝධානික වාර්තාකරණ රාමුව තුළ හොඳම ව්‍යාපාරික ආකෘතිය සඳහා වන ‘සමස්ත ලෝකඩ සම්මානය’ සහ මූල්‍ය සමාගම් කාණ්ඩයේ රජත සම්මානය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සීහි වාර්ෂික වාර්තාවට හිමි විය.

 

02.ශ්‍රී ලංකාවේ වරලත් සහතිකලත් ගණකාධිකාරීන්ගේ සංගමය විසින් පවත්වන ලද තිරසර වාර්තාකරණය සම්මාන උළෙල - 2018 හිදී මූල්‍ය සේවා හා රක්ෂණ කාණ්ඩයේ දෙවන ස්ථානය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත හිමි විය.

 

03.2018 වර්ෂය තුළ ප්‍රකාශයට පත් කළ හොඳම සමෝධානික වාර්ෂික වාර්තා 10 අතරට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි වාර්ෂික වාර්තාව ද වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය විසින් තෝරා ගන්නා ලදී.

අමතන්න
SiteLock