අපගේ කණ්ඩායම - අපගේ අභිමානයයි
<p>missing</p>

සත්‍ය වශයෙන්ම අපගේ සේවක මණ්ඩලය අපගේ අනගිතම වත්කම වේ. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී ආයතනය තුළ දී, මෙය හුදෙක් ආදර්ශ පාඨයක් හෝ නිතර කියවෙන වාක්‍යාංශයක් පමණක්ම නොවේ. අප සමාගමේ අඛණ්ඩ සාර්ථකත්වයේ ගමන් ම‍ඟෙහි තීරණාත්මක පාර්ශවකරුවන් වනුයේ අපගේ සේවක මණ්ඩලය බවට අපි විශ්වාස කරන්නෙමු.

සේවක තෘප්තිමත්බවේ මට්ටම් අනුව ගෝලීය වශයෙන් පිරිනැමෙන ‘Great Places to Work in Sri Lanka’ නැමති ගෞරවනීය සම්භාවනාවට 2014 හා 2017 වර්ෂවලදී පාත්‍රවීම යන කාරණයම, අපගේ කණ්ඩායම ගොඩනැංවීම හා සුරැකීම සඳහා අප කොතරම් උද්යෝගීමත් වන්නේ දැයි යන්නට විශිෂ්ට සාක්ෂියකි. අපගේ උද්යෝගය, දැක්ම, හරය සමඟ එක්විය හැකි හා අප සමඟ එක්වී වෘත්තීය ගමන් මඟ ආරම්භ කිරීමට අපේක්ෂා කරන ක්‍රියාශීලි හා ස්වයං අභිප්‍රේරිත පුද්ගලයන් කෙරෙහි අප සෑම විටම උනන්දු වන්නේ එබැවිනි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි අප විසින් තරයේ විශ්වාස කරන කරුණක් වනුයේ අපගේ සේවක මණ්ඩලයේ පූර්ණ හැකියාවන් අත්පත් කරගැනීම සඳහා පුහුණු හා සංවර්ධන වැඩසටහන් වැදගත් කාර්යභාරයක් ඉටුකරන බවයි. ඔවුන්ට ස්වකීය වෘත්තීය මංපෙතෙහි ඉහළ මට්ටමකට ලඟා වීම සඳහා උපකාර කිරීමට අප විසින් ප්‍රබල අවධානයක් යොමු කරනු ලැබේ.

ඔබ, අප වෙත වඩාත්ම අගයැති පාරි‍භෝගිකයන් තෘප්තිමත් බවට පත් කිරීමේ දී කිසිදු චෝදනාවක් නැවත අප වෙත නොපැමිණීම සඳහා උද්යෝගයෙන් කටයුතු කළ හැකි ස්වයං අභිප්‍රේරිත නිර්මාණශීලි තැනැත්තෙකු නම්, අදම අප වෙත කතා කරන්න!

අපගේ කණ්ඩායම

“සාමූහික වශයෙන් සැවොම එක්වූ විට වැඩි ජයග්‍රහණයක් අත්පත් කරගත හැකි වේ”! යන ආප්තෝපදේශය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි අපි විසින් තරයේ විශ්වාස කරන්නෙමු. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනයේ සේවයේ නියුතු වීමේ දී කණ්ඩායමක්ව වැඩ කිරීම ඉතා වැදගත් වශයෙන් සැලකිය යුතු කරුණුවලින් එක් කරුණකි. කර්මාන්ත ක්ෂේත්‍ර 13ක් ඔස්සේ විහිදී ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම සමාගම් 100කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධයෙන් සිදු කළ අධ්‍යයනයක දී, දෙවන වරටත් වැඩ කිරීමට ප්‍රියමනාප ඉහළ ආයතන 25 අතරට 2017 වර්ෂයේදී ද මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී හඳුනා ගෙන ඇත.

 

නිරතුරුවම පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියාකාරී වන උද්‍යෝගී, සේවයට කැපවුණු හා දැඩි හිතෛෂීභාවයකින් යුතු පුද්ගල කණ්ඩායමකින් අපගේ සේවක කණ්ඩායම සමන්විත වේ. පසුගිය දශක කිහිපය මුළුල්ලේ අපගේ සාර්ථකත්වයට තුඩුදුන් ප්‍රධානතම සාධකයක් වූයේ මෙයයි.

දැනට පවතින රැකියා පුරප්පාඩු
අදම අයදුම් කරන්න

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සීහි දැනට පවතින පුරප්පාඩු ලැයිස්තුව බලන්න. ඔබගේ නිපුණතා හා ප්‍රවීණතාවය අපගේ අවශ්‍යතාවය සමඟ ගැලපේ නම්, අපගේ කණ්ඩායමේ පාර්ශවකරුවෙකු වශයෙන් ඔබ යොදවාගත යුත්තේ ඇයි ද යන්න අප වෙත දන්වා එවන්න.

ඔබ විසින් අපේක්ෂා කරන පුරප්පාඩුව මෙහි ලැයිස්තුගත වී නොමැති නම්, ඔබගේ ජීව දත්ත පත්‍රිකාව මෙහි ඉදිරිපත් කරන්න/ careers@mi.com.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයට යොමු කරන්න. අදාළ පුරප්පාඩුවක් ඇති වූ විගස අපගේ මානව සම්පත් කණ්ඩායම ඔබ හා සම්බන්ධ වනු ඇත.

වැඩිදුර විස්තර සඳහා මෙම දුරකතන අංක ඔස්සේ අප අමතන්න: 011-2336303 / 011-2343720 වැඩිදුර විස්තර සඳහා මෙම දුරකතන අංක ඔස්සේ අප අමතන්න: 011-2336303 / 011-2343720

අමතන්න
SiteLock