විග්‍රහය

වසර 50කට අධික කාලයක් මුළුල්ලේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. මෙම සමාගම, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත ස්ථාපනය කළ ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන අතර කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ දිරිසරි පුවරුව යටතේ ද ලැයිස්තුගත කර ඇත.

පුළුල් පරාසයක විහිදී පවතින නව්‍ය මූල්‍ය විසඳුම් සඳහා සුවිශේෂිත්වයක් උසුලන මෙම සමාගම සැබැවින්ම ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා කර්මාන්තය තුළ පුරෝගාමී සමාගමකි. වාහන මූල්‍යකරණ පහසුකම්, ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, ක්ෂුද්‍ර-මූල්‍ය විසඳුම්, ව්‍යාපාරික ණය, පුද්ගලික ණය, උකස් ණය සේම ඔඩපණ ණය පහසුකම් මෙම සමාගම වෙතින් සැපයෙන සේවා අතර පවතී.

ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය ව්‍යාපාර සමූහ අතරින් එකක ශක්තිය හා ස්ථාවරත්වය සමඟින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සවිමත් වී පවතියි. රුපියල් බිලියන 8.7 ඉක්මවන සමස්ත ප්‍රාග්ධන සංචිතයක් හා රුපියල් බිලියන 41 ඉක්මවන වත්කම් සංචිතයක් සම්බන්ධයෙන් සමාගම සාඩම්බරයෙන් පසු වේ.

ශක්තිමත් ප්‍රාග්ධන පදනමක් සතු කර ගැනීමට හා ව්‍යාපාරයේ සමස්ත මූලිකාංග ඔස්සේ මූල්‍යමය වශයෙන් සවිමත් ආයතනයක් වශයෙන් රඳා පැවතීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට හැකි වී තිබෙනුයේ වසර ගණනාවක් මුළුල්ලේ එහි පවතින ස්ථාවර මූල්‍ය කාර්යසාධනය හේතුවෙනි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි සවිමත් මූලික ප්‍රතිපත්ති හා වසර ගණනාවක් පුරා විහිදී යන ආදර්ශවත් පාලනය හේතුවෙන් අත්පත් කරගත් ස්ථාවරත්වය හා මනා ආචාරධර්ම වලට අනුගත වීම මත පාදක වී සමාගම විසින් මෙම සියලු ජයග්‍රහණ හිමිකර ගෙන තිබේ.

පාරිභෝගික අවශ්‍යතා තෘප්තිමත් බවට පත්කිරීමේ ස්වකීය ප්‍රයත්නයන්හිදී කිසිදු චෝදනාවක් නොලැබීමට කටයුතු කරන සේවයට කැපවූ උද්යෝගී කාර්ය මණ්ඩලය ද මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි සාර්ථකත්වයේ තවත් පුරුකකි. සමාගමෙහි අවංකව සේවයට කැප වූ වෙළඳ හා අලෙවි කණ්ඩායම් විසින් ද කාර්යක්ෂම සේවයක් සැපයෙන අතර සමාගමට අනන්‍ය නිමැවුමක් ලබා දීම සඳහා හැකි වන පරිද්දෙන් පවතින සමෝධානික තොරතුරු තාක්ෂණ පද්ධතිය මඟින් ද ඒ සඳහා ඔවුන් වෙත මනා පිටිවහලක් සපයනු ලැබේ.

සම්මත මූල්‍ය සේවා පහසුකම් සැපයීමට අමතරව රක්ෂණ පහසුකම් සහ වැඩපළ ආශ්‍රිත සේවා සම්පාදනය ද සිදුකරනු ලබන ශ්‍රී ලංකාවේ සීමිත සංඛ්‍යාවක් වශයෙන් පවතින මූල්‍ය සේවා සමාගම් අතර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ද එක් ආයතනයකි. නවීනතම තාක්ෂණය හා උපකරණ සමඟින් සුසංයෝගිත නිපුණතා සපිරි තාක්ෂණික/කාර්මික ශීල්පීන්ගෙන් සමන්විත කොහුවල ස්ථාපනය කර ඇති වාහන සේවා කිරීමේ මධ්‍යස්ථානය මඟින් වාහන සේවා කිරීම් මෙන්ම අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතා ද එක් වහලක් යට දී සපුරාලනු ලැබේ.

අභිප්‍රාය

ජනතාවගේ අපේක්ෂා ඉක්මවා වන අර්ථවත් වටිනාකමක් නිර්මාණය කරලීම උදෙසා

අපගේ දැක්ම

තිරසර ජාතියක් ගොඩනැංවීම උදෙසා වන හෘදයාංගම ආයතනික වගකීම සමඟින් විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවූ ජනතාවගේ හදවත් තුළ රැඳි පවතින ප්‍රධානතම මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු බවට පත්වීම

අපගේ මෙහෙවර

සම්පත් කාර්යක්ෂම අන්දමින් යොදවා නව්‍ය මූල්‍ය විසඳුම් රැගෙන ඒම හා එමඟින් අපගේ ව්‍යාපාරික පාර්ශවකරුවන් දියුණුවට පමුණුවා ලීම සිදුකරන අතර ම, අපගේ ව්‍යාපාරික වපසරිය තුළ ඉදිරියෙන් සිටිමින් ලාභදායි ආයෝජක ප්‍රතිලාභ තහවුරු කිරීම හා අපගේ සේවක මණ්ඩලය හා සමාජය වෙත තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම

ප්‍රධාන ප්‍රතිපත්ති
  • අපේක්ෂා අභිභවා යන පරිද්දදෙන් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම
  • අපගේ ජනතාව තුළ අප පිළිබඳව දිගු කාලීන හා ධනාත්මක හැඟීමක් ඡනිත කරවීම
  • සියලු මට්ටම්වල සේවා සැපයීමේදී ජාත්‍යන්තර මට්ටමේ සේවා සැපයීමක් ලබා දීම
  • ව්‍යාපාරික පරිචයන් අපගේ මූලික හරයාත්මක වටිනාකම් සමඟ අනුකූලවන බවට තහවුරු කර ගැනීම
හරයාත්මක වටිනාකම්
  • සානුකම්පිතබව: පාරිභෝගික අපේක්ෂා සඳහා ක්‍රියාශීලි අන්දමින් සංවේදී වීම
  • ගෞරවය: සේවක ප්‍රයත්නයන් ස්තූති පූර්වකව පිලිගැනීම හා සහතික වීම සමඟ එම ප්‍රයත්නයන් හඳුනාගැනීම හා දිරිමත් කිරීම
  • සාමූහිකත්වය: ඕනෑම ආකාරයක කාර්යක දී සාමූහික හා එකමුතු භාවයෙන් කණ්ඩායමක් ලෙස එකතුවී සිදුකරන ප්‍රයත්තනයන්
  • අවංකබව: ස්ථිරසාර අන්දමින් නිවැරදි දෑ වෙනුවෙන් පෙනී සිටීම
  • විචක්ෂණශීලිබව: පිරිවැය හා ආදායම් පිළිබඳ කල්පනාකාරීව සියලු ආකාරවලින් පාර්ශවකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම
  • තරඟකාරිත්වය: සාධාරණ නමුත් තරඟකාරිත්වය තුළ දී ආක්‍රමණශීලිබව
  • සදාචාරවත්බව: සමාජීය වගකීමෙන් යුතු වීම හා සියලු ක්‍රියාමාර්ග සදාචාරාත්මක බවට තහවුරු කිරීම
  • මිත්‍රශීලිබව: මූල්‍ය කටයුතු වලදී “මිත්‍රශීලී විශේෂඥයකු වීම ”, මූල්‍ය විසඳුම් හා ඉහළ මට්ටමේ සුපිරි සේවා ඔස්සේ සන්තුෂ්ටිය ලඟාකර දීම
අමතන්න
SiteLock