2024/25 මුල්‍ය වර්ෂය සඳහා මර්කන්ටයිල් සමාගම, ISO 14064-1:2018 සහතිකයට අනුකූලව පරිසර අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා දේශගුණික අරමුදල (SLCF) හරහා හරිතාගාර වායු (GHG) ප්‍රකාශනය වෙනුවෙන් ආයතනික මට්ටමේ ස්වාධීන තහවුරුව හිමිකරගෙන තිබේ. මෙම තහවුරුව, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ හරිතාගාර වායු විමෝචන දත්තවල විශ්වසනීයත්වය, පරිපූර්ණත්වය සහ නොවෙනස් බව ශක්තිමත් කරන අතර, ශක්තිමත් පාරිසරික කාර්යසාධනය අධීක්ෂණය සහ වාර්තාකරණයට සහයෝගය ලබා දෙයි.

මෙම තහවුරු කිරීමේ ක්‍රියාවලිය, ශ්‍රී ලංකාවේ ජාතිකව නිර්ණය කළ දායකත්ව (NDCs) සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක ඇතුළු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දේශගුණයට අදාළ රාමුවලට අනුගත වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙයි. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, නිරන්තරයෙන් සිදුකරන විමෝචන අධීක්ෂණය, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ පාර්ශ්වකරුවන් සම්බන්ධකර ගැනීම හරහා මෙහෙයුම් සහ අවදානම් කළමනාකරණ ක්‍රියාවලි තුළට දේශගුණයට අදාළ කරුණු ඇතුළත්කර ගැනීමට අඛණ්ඩව කැප වෙමින් ඉහළ දේශගුණික ඔරොත්තු දීමේ හැකියාවට සහ දිගුකාලීන පාරිසරික තිරසාරත්වයට දායකත්වය ලබා දෙයි.

අමතන්න
SiteLock