ප්‍රධාන කරුණු
ගනුදෙනුකරු විසින් මූල්‍ය සමාගම වෙත මීට පටහැනි ආකාරයක ලිඛිත දැන්වීමක් සිදුකරන තුරු, අත්සන් කර ලබා දී ඇති උපදෙස් හෝ ගිණුම ආරම්භ කිරීම සඳහා වූ අයදුම්පතේ ලබා දී ඇති මෙහෙයුම් උපදෙස්වලට අනුකූලව ලබා දී ඇති හෝ පිළිගත් ලේඛනවලට අනුව ක්‍රියා කිරීමට (මෙහි මින්මතු “බලය පැවරීම” ලෙස හැඳින්වෙන) මූල්‍ය සමාගම වෙත බලය පවරන බවට මෙයින් එකඟ වනු ලැබේ.
- මුදල්, චෙක්පත්, සෘජු බැංකු තැන්පතු, බැංකු ස්ලිප් මඟින් ගෙවීම් හා ස්ථාවර නියෝග මඟින් ගෙවීම් සිදු කිරීම සඳහා සහ බැර වශයෙන් පවතින ගිණුමක් හර කිරීම සඳහා ලබාදෙන වෙනත් උපදෙස් ක්‍රියාත්මක කිරීම.
- එවැනි ගිණුමක් වසා දැමීම සඳහා එවැනි ගිණුමක් සම්බන්ධයෙන් ලබාදෙන වෙනත් ඕනෑම නියෝගයක් පිළි ගැනීම සඳහා.
මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම ශ්‍රී ලංකාවේ වර්තමානයේ බලාත්මකව පවතින නීති මඟින් පාලනය වේ. මූල්‍ය සමාගම විසින් සෑහීමට පත් විය හැකි ආකාරයේ අනන්‍යතාවය පිළිබඳව සාක්ෂි ඉදිරිපත් කිරීමකට යටත්ව, අපගේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ශාඛා ජාලය ඔස්සේ මුදල් ආපසු ගැනීමට අවසර දීමේ අභිමතය සමාගම සතු වේ.
- වෙනත් ආකාරයකින් එකඟ වන්නේ නම් හැර, මූල්‍ය සමාගම විසින් තීරණය කරනු ලබන කාල සීමා තුළදී ගනුදෙනුකරුවන්ගේ ගිණුම සඳහා නියමිත කාලාන්තර තුළ ගිණුම් ශේෂ ප්‍රකාශ නිකුත් කරනු ලැබේ.
- නියමිත කාලාන්තර වලදී ගනුදෙනුකරු වෙත ලැබෙන ගිණුම් ශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය පිළිබඳව හෝ එහි අසම්පූර්ණතාවය පිළිබඳව ගනුදෙනුකරුට යම් විරෝධතාවයක් ඇත්නම් එය විධිමත් ආකාරයෙන් ඉදිරිපත් කළ යුතු වේ. නමුත් ඕනෑම එවැනි සංසිද්ධියක් එම ප්‍රකාශය ලැබූ වහාම ලිඛිතව මූල්‍ය සමාගම වෙත ලැබිය යුතු වේ. ඉහත දැක්වූ කාල සීමාව තුළ යම් විරෝධතාවයක් නොලැබුණ විට දී එම කාලීන ප්‍රකාශය නිවැරදි හා වගකීමෙන් බැඳී ඇති බවට සලකනු ලැබේ.
- ගනුදෙනුකරුගේ ගිණුම බද්ධ ගිණුමක් වන අවස්ථාවේ දී, එවැනි ගිණුමක් ඔස්සේ සිදුවන ඕනෑම ගනුදෙනුවක් සඳහා බද්ධ ගිණුම් හිමියන් හවුලේ වගකිවයුතු වේ.
- බද්ධ ගිණුම් හිමියන් අතුරින් එක් අයකු හෝ කිහිපදෙනෙකුගේ මරණය සිදුවුනු අවස්ථාවකදී, මූල්‍ය සමාගම විසින් එසේ මියගිය හවුල් කරුවන්ගේ නෛතික උරුමකරුවන් හෝ නියෝජිතයන් වෙත පැවරීමක් සිදු නොකර ජීවතුන් අතර සිටින ගිණුම් හිමියාට හෝ ගිණුම් හිමියන් වෙත මූල්‍ය සමාගම විසින් පවත්වා ගෙන යනු ලැබූ සියලුම මුදල් බැර වීම් ගෙවිය යුතු හා ලේඛන භාරදීම කළ යුතු වේ.
- බද්ධ ගිණුම් හිමියන් අතුරින් එක් අයකු හෝ කිහිපදෙනෙකුගේ මරණය සිදුවුනු බවට දැන්වීමක් ලැබීමෙන් පසුව, බද්ධ ගිණුම් හිමියන්ගේ කවර ආකාරයක හෝ ගිණුම් සඳහා බැරවී තිබෙන සියලු මුදල් හා මූල්‍ය සමාගම විසින් පවත්වා ගෙන ලේඛන සම්බන්ධයෙන් පවතින සිය බැඳීම් පූර්ණ වශයෙන් ඉටුකළ යුතු වේ.
- මූල්‍ය සමාගම විසින් සපයනු ලැබීමට නියමිත අවසර පවතින පහසුකම් භාවිතා කරමින් සිදු කරනු ලබන සියලුම ගනුදෙනු සම්බන්ධයෙන් හවුල් ගිණුම් හිමියන් හවුල්ව හා වෙන් වෙන් වශයෙන් වගකිව යුතු වේ.
- තනි පුද්ගලයන් විසින් තනිව හෝ හවුල් වශයෙන් ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කළ හැකි වේ.
- ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය හෝ ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
- වයස අවුරුදු 18ට අඩු තැනැත්තන් සඳහා බාල වයස්කාර ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමේ දී උප්පැන්න සහතිකය අවශ්‍ය වේ.
- ඉතිරි කිරීමේ ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවම මුදල වනුයේ රු.500/-කි.
- සමාගම විසින් නිශ්චය කර ඇති අවශ්‍ය අවම ශේෂය වන රු.500/-ට අඩු ගිණුම් ශේෂයක් පවතින ගිණුම් සඳහා පොළිය බැර නොකෙරේ.
- නිවැරදිව සම්පූර්ණ කළ මුදල් ආපසු ගැනීමේ ආකෘති පත්‍රය හා ඉතිරි කිරීමේ ගිණුමේ පාස් පොත සමඟින් ජාතික හැඳුනුම්පත, විදේශ ගමන් බලපත්‍රය, රියදුරු බලපත්‍රය ඉදිරිපත් කර මුදල් ආපසු ලබාගත හැකි වේ. බද්ධ ඉතිරි කිරීමේ ගිණුම් සඳහා මුදල් ආපසු ලබා ගැනීම සම්බන්ධයෙන් වූ නිශ්චිත උපදෙස් (එක් අයකුගේ හෝ දෙදෙනාගේම අත්සන අවශ්‍ය බව) ගිණුම ආරම්භ කරන අවස්ථාවේදී ලබාදිය යුතු වේ.
- ලිපි ගනුදෙනු සඳහා අදාළ ලිපිනයේ වෙනසක් වුවහොත් එය සමාගම වෙත ලිඛිතව ලබා දිය යුතු වේ.
- ඉතුරුම් ගිණුමේ පාස්පොත නැති වීම ද නොපමාව දැනුම් දිය යුතු වේ.
- මූල්‍ය සමාගමේ පූර්ණ අභිමතය මත පමණක් ඉතිරුම් ගිණුම්වලට බැර කිරීම සඳහා චෙක්පත්/ අණකර/ හා මුදල් ඇණවුම් භාරගත යුතු වේ.
- දෛනික ගිණුම් ශේෂය මත පොලිය ගණනය කරන අතර එවැනි ගණනය කිරීමක් සිදුකරන සෑම දිනයකටම අදාළව ගිණුමේ පවත්වා ගෙන යා යුතු අවශ්‍ය අවම ශේෂය තිබේ නම් පමණක්, එකී පොළිය මාසිකව ගිණුමට බැර කෙරේ.
- කවුන්ටරය වෙත පාස් පොත ඉදිරිපත් කරන්නේ නම් මූල්‍ය සමාගම විසින් තැන්පතු හා ආපසු ගැනුම් අදාළ පරිදි පාස් පොතෙහි සටහන් කරනු ලැබේ. මූල්‍ය සමාගමෙන් පිටවීමට පෙරාතුව ගිණුම්හිමියා විසින් ඔහුගේ/ඇයගේ පාස්පොතෙහි කර ඇති සටහන් කිරීම් අවධානයෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු අතර එහි සඳහන් කර ඇති දෑ නිවැරදි බවට සෑහීමකට පත්විය යුතු වේ. යම් අනනුකූලතාවක් තිබේ නම් නොපමාව මූල්‍ය සමාගම වෙත දැනුම් දිය යුතු වේ.
- වසර 05කට වඩා වැඩි කාලයක් සඳහා ලිපි ගනුදෙනු හෝ මූල්‍ය ගනුදෙනු සිදුවී නොමැති ගිණුමක් අක්‍රිය ගිණුමක් ලෙස වර්ගීකරණය කළ යුතු වේ.
ස්ථාවර තැන්පතු
- 2005 අංක 1 දරන මූල්‍ය සමාගම් (තැන්පතු) නියෝග අනුව තැන්පතු භාර ගනු ලැබේ.
- තනි පුද්ගලයකු නමින් හෝ, අවශ්‍ය වේ නම් තනි පුද්ගලයෙකුට වඩා වැඩි පුද්ගලයන් සංඛ්‍යාවකගේ නමින් තැන්පතු සිදුකළ හැකි අතර, තනි තැනැත්තෙකුට, හවුල් ව හෝ වෙන් වෙන් වශයෙන්, හෝ ජීවත්ව සිටින්නන්ට හෝ අයදුම්පතේ නම් කර ඇති තැනැත්තා වෙත මුදල් ආපසු ගෙවිය හැකි වේ.
- බද්ධ තැන්පතුවක් සඳහා නාමිකයෙකු ඉදිරිපත් කර ඇති අවස්ථාවක, තැන්පතුව කල් පිරෙන අවස්ථාවේදී ඕනෑම හවුල් තැන්පත්කරුවෙකු ජීවත්ව සිටියි නම් එකී නාමිකයෙකු යෝජනා කිරීම ශුන්‍ය හා බල රහිත වන්නේය.
- ලිපිනයේ, මුදල් ලැබිය යුතු තැනැත්තාගේ සිදුවන වෙනස් වීමක් හෝ තැන්පතු සහතිකය අස්ථානගත වීමක් පිළිබඳ තොරතුරු සමාගම වෙත වහාම ලිඛිතව දැන්විය යුතු වේ.
- කාලීන තැන්පතු ගිණුමක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය අවම මුදල රු.5,000/-කි.
- සුදුසුකම් සපුරා ඇති තැන්පතු වගකීම් සම්බන්ධයෙන් එක් තැන්පතුකරුවෙකුට උපරිමව රු.1,100,000/-ක් දක්වා වන්දි ගෙවීම සඳහා මුදල් මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන ශ්‍රී ලංකාවේ තැන්පතු රක්ෂණ යෝජනා ක්රමයේ එකී තැන්පතු රක්ෂණය කරනු ලැබේ.
ගිණුම ආරම්භ කරන අවස්ථාවේ සමාගම වෙත දැනුම් දෙන පරිදි, තැන්පත්කරුගේ කැමැත්ත පරිදි මාසිකව, කාර්තුමය ලෙස, අර්ධ වාර්ෂිකව හෝ වාර්ෂිකව හෝ උපචිත පරිදි සහ කල්පිරෙන අවස්ථාවේදී හෝ අදාළ පොලී මුදල ගෙවිය හැකි වේ.
- මුදල් ආපසු ගැනීම් සම්බන්ධයෙන් තැන්පත්කරුවන් විසින් ලිඛිතව පමණක් සමාගම වෙත දැනුම් දිය යුතු වේ.
- ස්ථාවර කාලසීමාවක් සඳහා තැන්පතු කළ මුදලක් කල් පිරීමට පෙර ආපසු ලබා ගත නොහැකි නමුත් විශේෂ අවස්ථාවන්හි දී සමාගමේ පූර්ණ අභිමතය පරිදි පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීමට යටත්ව කල්පිරීමේ දිනයට මාස 03කට පෙරාතුව ලැබෙන මුදල් ආපසු ලබා ගැනීම සඳහා වන ඉල්ලුම්පත්‍ර සලකා බලනු ලැබේ. තැන්පතු මුදල හෝ ඉන් කොටසක් හෝ කල්පිරීමට පෙරාතුව ලබා ගැනීමේදී දණ්ඩන පොලියක් අය කරනු ලබන අතර එහිදී තැන්පතු කාල සීමාව මත පදනම්ව අඩු පොලි අනුපාතිකයක් අදාළ කරගනු ලැබේ. එහිදී සමාගම විසින් අතිරේක පොලියක් ගෙවා ඇත්නම් එය සමාගම වෙත ආපසු ගෙවිය යුතු වේ. එකී අමතරව ගෙවා ඇති මුදල කැන්පතු කර ඇති මුදලින් අඩුකර ගැනීම සඳහා සමාගමට හිමිකම් ඇත. මූලික තැන්පතු මුදල හා යම් පොලි මුදලක් ඇතොත් එකී මුදල ලබා ගැනීම සඳහා තැන්පත්කරුවන් විසින් තැන්පතු සහතිකයේ පසුපස පිටසන් කර සමාගම වෙත භාර දීම අවශ්‍ය වේ.
- තැන්පතුව සඳහා අදාළ පොලී අනුපාතිකයට වඩා 4%කින් වැඩි වාර්ෂික ණය පොලී අනුපාතිකයක් අයකරනු ලැබේ.
- මෙම තැන්පතු ආපසු ගැනීමේ තාවකාලික පහසුකම සඳහා වන සේවා ගාස්තු හා පොලී අනුපාතිකය වෙනස් කිරීමේ අයිතිය සමාගම සතු වේ.
- තැන්පත්කරුගේ මරණය සිදුවන අවස්ථාවක දී ස්ථාවර තැන්පතුවේ ඇති මුදල අදාළ පරිද්දෙන් ජීවත්ව සිටින්නන්, නාමිකයා හෝ උරුමකරුවන්, පොල්මඃකරුවන් සහ/හෝ අද්මිනිස්ත්රාසිකාරයන් වෙත ලබාදෙනු ලැබේ.
- තැන්පතු සහතිකය පැවරිය නොහැකි වේ. එසේ වුවද, තැන්පත්කරු/තැන්පත්කරුවෝ හෝ ඔහුගේ/ ඇයගේ/ඔවුන්ගේ නියෝජිතයන්, පොල්මඃකරුවන්, හෝ නාමිකයන්ට කල්පිරීම සිදුවන අවස්ථාවේදී තැන්පතු අයදුම්පත්‍රයේ පවතින යම් විශේෂ උපදෙස් ඇතොත් ඊට යටත්ව අදාළ තැන්පතු සහතිකය මුදල් බවට හරවා ගැනීමේ අයිතිය පවතී.
- තැන්පත්කරුගේ ඉල්ලීම මත තැන්පතුව කල් පිරෙන අවස්ථාවේ දී පොලිය/මුල් මුදල තැන්පත්කරු/තැන්පත්කරුවන් විසින් නම් කරනු ලබන ගිණුමක් සඳහා සමාගම විසින් ප්‍රේෂණය කිරීම ද කළ හැකි වේ. තැන්පත්කරු/තැන්පත්කරුවන්ගේ නියෝගය පරිදි සිදු කරන එවැනි ප්රේෂණයක දී පැන නඟින සහ/හෝ ප්‍රතිඵල වන යම් හානියක්, අලාභයක්, වියදමක් සහ වෙනත් යම් හානියක් සම්බන්ධයෙන් ඇති නීතිමය වගකීමෙන් සමාගම මුදා හැරීම සඳහා තැන්පත්කරු/තැන්පත්කරුවන් වගකියනු ලැබේ.
- චෙක්පතක් මඟින් තැන්පතුව සිදු කරන අවස්ථාවකදී චෙක්පත උපලබ්ධි වීමට තරයේ යටත්ව පමණක් තැන්පතු සහතිකය නිකුත් කරනු ලැබේ.
- චෙක්පත් “මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී” නමින් ලැබීම අනිවාර්ය වන අතර “ආදායකයාගේ ගිණුමට පමණි” යනුවෙන් රේඛනය කළ යුතු වේ.
- සෑම තැන්පතුවකම වටිනාකම සීමා කිරීම.
- තැන්පතු ආරම්භ කිරීම සඳහා වන අයදුම්පත්‍රයක් භාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම.
- රජය හෝ මහ බැංකුවේ මුදල් මණ්ඩලය, හෝ මූල්‍ය ප්‍රතිපත්ති මඟින් අවශ්‍ය කෙරෙන හෝ තැන්පත්කරු/තැන්පත්කරුවන් වෙත ගෙවනු ලැබූ හෝ ගෙවිය යුතු පොලී අනුපාතික වල යම් සංශෝධනයක් වෙතොත් දැනුම් දීමක් සහිතව හෝ රහිතව තැන්පතු සම්බන්ධ නියමයන් හා කොන්දේසිවල වෙනස් කිරීම් සිදු කිරීම.
- මාසයකට නොඅඩු දැනුම් දීමකින් අනතුරුව තැන්පතුව ආපසු භාරදීම.
- රජය විසින් වරින් වර පනවනු ලබන යම් ව්‍යවස්ථාපිත බදු ඇතොත් ඒවා අයකර ගැනීම.
- ගනුදෙනුකරුවන්ගේ තොරතුරුවල සිදුවන යම් වෙනස්වීමකට (ලිපිනය, බැංකුව, රැකියාව, සහ නාමිකයා) අදාළ සියලුම තොරතුරු ගනුදෙනුකරු විසින් මූල්‍ය සමාගම වෙත ලිඛිතව දැනුම් දිය යුතු වේ.
- සාමාන්‍ය තැපෑලෙන්, අතින්, ෆැක්ස් මඟින් හා විද්‍යුත් තැපැල් මාර්ගයෙන් (මූල්‍ය සමාගමට අවසාන වශයෙන් ලැබී ඇති ගනුදෙනුකරුගේ තැපැල් ලිපිනයට, ෆැක්ස් අංකයට, හෝ විද්‍යුත් තැපැල් ලිපිනයට) යම් නිවේදනයක්, ලිපි හුවමාරුවක්, නීතිමය ලියවිල්ලක් හෝ ලේඛනයක් ගනුදෙනුකරු වෙත යැවීමට මූල්‍ය සමාගමට ස්වකීය අභිමතය පරිදි සහ වගකීමකින් තොරව හැකියාව තිබෙන අතර එකී සන්නිවේදනය තැපැල් කිරීමෙන් අනතුරුව දින දෙකකදී (දේශීය වශයෙන්), තැපැල් කිරීමෙන් අනතුරුව දින පහකදී (විදේශීය නම්), යවන අවස්ථාවේදීම (ෆැක්ස් හෝ විද්‍යුත් තැපැල් මඟින් නම්) හෝ අතින් භාර දීම සිදුකළ අවස්ථාවේ දී (අතින් ගෙන ගොස් භාර දීමක දී) ගනුදෙනුකරු වෙත ලැබේයැයි සලකනු ලැබේ.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී (මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්) මඟින් පිරිනැමෙන යම් මූල්‍ය නිමැවුමක් හෝ සේවාවවක් වෙත ඔබ විසින් වගකීමට බැඳීමට පෙර, අපගේ ගනුදෙනුකරුවන් වෙත ඔවුන්ගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට උපකාරී වන ප්‍රධාන තොරතුරු ලබාදීම අපගේ වගකීමක් ලෙස අප විසින් සලකනු ලැබේ.
පහත දැක්වෙනුයේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් පිරිනැමෙන ණය පහසුකම් හා සම්බන්ධ ප්‍රධාන තොරතුරු වේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කරගැනීමට අවශ්‍ය කෙරේ නම්, කරුණාකර ඔබට ආසන්තම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛාව වෙත පැමිණ අලෙවි නිලධාරි හෝ ශාඛා කළමනාකරු හමුවන්න.
පැමිණිලි හැසිරවීමේ ක්‍රමවේදය - ක්ෂණික ඇමතුම් අංකය: 070-276 2083
- පැමිණිලි බාර ගැනීමේ කාර්යයේම නියුක්ත වන නිලධාරියෙකු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ප්‍රධාන කාර්යාලයේ සිටියි. ගනුදෙනුකරුවන්ට යම් පැමිණිල්ලක් ගොනු කිරීමට අවශ්‍ය කෙරේ නම් 070-2762083 දුරකතන අංකය ඔස්සේ මෙම පැමිණිලි හැසිරවීමේ නිලධාරියා හා සම්බන්ධ විය හැකි වේ. දිවයින පුරා පිහිටි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛා කාර්යාල වල ද මෙම දුරකතන අංකය ප්‍රදර්ශනය කර ඇත.
- මීට අමතරව, සේවාදායකයා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් ඔහු වෙත ලබාදුන් ප්‍රතිචාරය හෝ විසඳුම සම්බන්ධයෙන් තෘප්තිමත් නොවන්නේ නම්, ලබා දී ඇති දුරකතන අංක ඔස්සේ මූල්‍ය කටයුතු පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරයාගේ සේවය ලබාගත හැකි වේ.
මූල්‍ය කල්බදු
- මූල්‍ය කල්බදු පහසුකම ලබා දෙනුයේ මුලින් ගිවිසගනු ලැබූ නිශ්චිත කාල සීමාවක් සඳහා පමණි. උපරිම කාල සීමාව මාස 60කි.
- කල්බදු වාරික මුදල හා කල්බදු වාරික මුදල ගෙවීමේ කාලසටහන නිශ්චිතව දක්වා ඇති අතර ඒ සම්බන්ධයෙන් බදු ගැනුම්කරු මුල් අවස්ථාවේදී ම එකඟ විය යුතු වේ.
- වත්කම වනුයේ වාහනයක් නම්, බදු ගැනුම්කරු සතුව අයිතිය පවතින නමුත් පරම හිමිකම හිමි වනුයේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් පීඑල්සී වෙත ය.
- මූලික අවස්ථාවේ දීම අයදුම්පත සැකසීම සඳහා අදාළ වන ගාස්තුව නිශ්චය කරනු ලබන අතර ඒ සඳහා බදු ගැනුම්කරු එකඟ විය යුතු වේ. අදාළ බදු හා රක්ෂණ ගාස්තු බදු ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.
- වාහනය/උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා නඩත්තු කිරීම බදු ගැනුම්කරුගේ වගකීමක් වේ. කල්බදු පහසුකම පිරිනැමෙන සමස්ත කාල සීමාව සඳහා ම වාර්ෂික වශයෙන් මූල්‍ය පොළිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පවරමින් සම්පූර්ණ රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු වේ.
- කල්බදු වාරික නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධයෙන් අය කරන පොලී අනුපාතිකය මාසිකව 4%කි. කළමනාකාරිත්වයේ අභිමතය පරිදි මෙම අනුපාතිකය වෙනස් විය හැකි වේ. එසේ වුව ද, කල්බදු පහසුකම ලබා ගැනීමට සලකා බලන මුල් අවස්ථාවේ දී, බදු ගැනුම්කරු වෙත එම අවස්ථාවේ දී අදාළ වී පවතින පොලී ගාස්තු අයකිරිම් සම්බන්ධව දැනුවත් කරනු ලැබේ.
- බදු වාරිකය හා බදු වාරික ගෙවීමේ කාලසටහන මුල් අවස්ථාවේදී ම නිශ්චය කර දක්වනු ලැබේ.
- බදු වාරිකය නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධයෙන් අය කෙරෙන පොලී අනුපාතිකය මාසිකව 4%කි.
- නියමිත රජයේ බදු (අදාළ වන පරිදි), අයදුම්පත සැකසීම සඳහා ගාස්තුව හා රක්ෂණ වාරිකය මුල් අවස්ථාවේදීම නිශ්චය කරනු ලැබේ.
- පිරිනමනු ලබන මූල්‍ය පහසුකම හා සම්බන්ධ කරුණු හා පහසුකම ලබාදීමේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සමාගම විසින් සලකනු ලබන අවශ්‍යතා පිළිබඳව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි අලෙවි නිලධාරියා විසින් බදු ගැනුම්කරු වෙත මුලින් ම පැහැදිලි කිරීමක් ලබා දෙනු ලැබේ.
- මෙම අවස්ථාවේ දී, මූල්‍ය පහසුකමේ කොන්දේසි සම්බන්ධයෙන් අලෙවි නිලධාරියා සහ බදු ගැනුම්කරු අතර එකඟතාවයක් ඇතිකර ගනු ලැබේ.
- සියලුම නියමයන් සහ කොන්දේසි සඳහා එකඟතාවයක් ඇති කර ගැනීමෙන් අනතුරුව, බදු ගැනුම්කරු විසින් පහසුකම ලබා ගැනීම සඳහා වන අයදුම්පත්‍රය සම්පූර්ණ කරනු ලැබේ.
- ණය ලබා ගැනීම සඳහා බදු ගැනුම්කරුගේ යෝග්‍යතාවය ඇගයීම සඳහා අවශ්‍ය කරන ලේඛන, බදු ගැනුම්කරුගේ තොරතුරු හා අනෙකුත් ව්‍යාපාරික තොරතුරු (අදාළ වේ නම්) අලෙවි නිලධාරියා විසින් ඉල්ලා සිටිනු ලැබේ.
- මීට සමගාමීව ම, අලෙවි නිලධාරියා විසින් බදු ගැනුම්කරුගේ නිවෙස, ව්‍යාපාරික ස්ථානය වෙත යනු ලබන අතර අදාළ වන පරිදි ඇපකරුවන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට ද යනු ඇත.
- අදාළ සියලුම තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව, අලෙවි නිලධාරියා විසින් ණය ඇගයීම් වාර්තාවක් සකස් කර එය අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
- අනුමත කිරීමේ ක්‍රියාවලිය අතර තුර දී බදු ගැනුම්කරුගෙන් අමතර තොරතුරු/විස්තර ඉල්ලා සිටිය හැකි අතර, එකී තොරතුරු/විස්තර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත ලබාදීම බදු ගැනුම්කරු විසින් සිදු කළ යුතු වේ.
- කල්බදු පහසුකමේ නියමයන් සහ කොන්දේසී අනුමත කිරීමේ නිලධාරීන් විසින් සංශෝධනය කරනු ලැබිය හැකි අතර එකී සංශෝධන අලෙවි විධායක විසින් බදු ගැනුම්කරු වෙත දන්වනු ලැබේ.
- ණය තීරණ මත කල්බදු පහසුකම ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවයක් ද පවතින අතර එය ද බදු ගැනුම්කරු වෙත දැනුම් දෙනු ලැබේ. කල්බදු පහසුකම් අනුමත කිරීම සමාගමේ ණය ප්‍රතිපත්තිය හා අනෙකුත් ණය ඇගයීම් මෙවලම් මත පාලනය වන ස්වාධීන ක්‍රියාවලියකි. ණය යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් සමාගම හෝ එහි නිලධාරීන් කිසිදු වගකීමක් දරනු නොලැබේ.
- කල්බදු පහසුකම අනුමත කෙරේ නම්, ඇප ලේඛනවල අත්සන් කිරීම සඳහා බදු ගැනුම්කරු පැමිණීම අවශ්‍ය කෙරෙන අතර, එම අවස්ථාවේ දී අදාළ වන ගාස්තු ද ගෙවිය යුතු වේ.
- රක්ෂණ සහතිකය, උකස්කර ආරක්ෂා කිරීමේ සහතිකය ආදිය ද සම්පූර්ණ කර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- මිලදී ගැනුම් ඇණවුම බදු ගැනුම්කරුට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙතින් ලබා ගත හැකි අතර එය වාහන/උපකරණ අලෙවිකරුට භාර දිය යුතු ය.
- වාහනය/උපකරණ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, පරම හිමිකම් අයිතිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පැවරීම යන කාර්යයන් අලෙවිකරු විසින් සම්පූර්ණ කළ යුතු අතර, ගෙවීම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමේ මුල් සහතිකය සමඟ අමතර යතුර (අදාළ වේ නම් පමණි) භාර දිය යුතු වේ.
කාලසීමාව
- සමාගම විසින් තීරණය කරන නිශ්චිත කාල සීමාවකි.
වාරිකය
- මාසික වාරිකය බැංකු නියෝගයක්, මුදල් හෝ චෙක්පත් මඟින් ගෙවිය හැකි වේ. සමාගම විසින් වාරිකය තීරණය කරනු ලබන අතර, සමාගම හා බදු ගැනුම්කරු යන දෙපාර්ශවයම මුල් අවස්ථාවේ දී ම ඒ සඳහා එකඟ වනු ලැබේ.
උපකරණ භාවිතා කිරීම
- කල්බදු පහසුකම යටතේ ලබාදුන් උපකරණ භාවිතා කිරීමේ දී නිසි සැලකිලිමත්භාවයක් තිබිය යුතු ය.
- ලබා දී ඇති කාර්යය සඳහා ම එම උපකරණය භාවිතා කිරීම.
- සාධාරණ ගෙවී යෑම් හා යම් වෙනස්කිරීම් වලට යටත් ව, බදු ගැනුම්කරුට ලබාදුන් තත්ත්වයෙන්ම උපකරණය පවත්වා ගැනීම.
උපකරණ සඳහා සිදුවන අලාභ සහ හානි
- උපකරණයට යම් හානියක් සිදු වූ අවස්ථාවක දී, මනාව අලුත්වැඩියා කළ, මනා තත්ත්වය හා කාර්ය තත්ත්වයේ පවතින එසමානම උපකරණයකට එය හිලව් කිරීමේ විකල්පය බදු ගැනුම්කරුට තිබේ.
- අස්ථානගත වීමක් සිදුවුවහොත්, බදු දීමනාකරු විසින් බදු ගැනුම්කරු වෙනුවෙන් දරන ලද සියලුම පිරිවැය, වියදම් හා ගාස්තු ද ඇතුළුව දක්වා ඇති හානි වටිනාකම බදු ගැනුම්කරු විසින් ගෙවිය යුතු වේ.
රක්ෂණය
- බදු දීමනාකරු හා බදු ගැනුම්කරු විසින් අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ පරිදි රක්ෂණකරුවෙකු/රක්ෂණකරුවන් වෙතින් උපකරණ රක්ෂණය කරවා තිබීම.
- රක්ෂණ පිරිවැය හා ඒ සම්බන්ධිත සියලු ගාස්තු බදු ගැනුම්කරු විසින් දැරිය යුතු අතර අදාළ ගෙවීම් කළ යුතු දිනයන්හි දී එම ගෙවීම් කළ යුතු වේ.
කුලී සින්නක්කර ගැනුම් ක්‍රමය
- මෙම ක්‍රමය යටතේ ලබා ගැනීම සඳහා සලකා බැලිය හැකි වනුයේ ලියාපදිංචි කළ වාහන පමණි. නමුත් පාවිච්චි නොකරන ලද අලුත්ම උපකරණ /යන්ත්‍රෝපකරණ ලෙස සැලකෙන උපකරණ/යන්ත්‍රෝපකරණ සඳහා මෙම රීතිය අදාළ නොවේ.
- මුලින් එකඟ වන පරිදි නිශ්චිත කාලසීමාවක් සඳහා පමණක් මෙම පහසුකම ලබා දේ. උපරිම කාල සීමාව මාස 60කි.
- ගෙවිය යුතු කුලිය හා කුලී ගෙවීමේ කාලසටහන නිශ්චය කර දක්වන අතර, මේ සඳහා ණය ගැනුම්කරු මුලින්ම එකඟ විය යුතු වේ.
- මෙහිදී වත්කම වනුයේ වාහනයක් නම්, වාහනයේ අයිතිය ගැනුම්කරු සතුවන අතර පරම හිමිකම් අයිතිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු වේ.
- මූලික අවස්ථාවේ දීම අයදුම්පත සැකසීම සඳහා අදාළ වන ගාස්තුව නිශ්චය කරනු ලබන අතර ඒ සඳහා ණය ගැනුම්කරු එකඟ විය යුතු වේ. අදාළ බදු හා රක්ෂණ ගාස්තු ද ණය ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.
- වාහනය/උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා නඩත්තු කිරීම ණය ගැනුම්කරුගේ වගකීමක් වේ. කුලී සින්නක්කර ගැනුම් පහසුකම පිරිනැමෙන සමස්ත කාල සීමාව සඳහා ම මූල්‍ය පොළිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පවරමින් සෑම වර්ෂයක් සඳහා ම රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු වේ.
- වාරිකය නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධයෙන් අය කරන පොලී අනුපාතිකය මාසිකව 4%කි. මෙය කළමනාකාරිත්වයේ අභිමතය අනුව වෙනස් විය හැකි වේ. එසේ වුවද, පහසුකම ලබා ගැනීමට සලකා බලන අවස්ථාවේ දී , ණය ගැනුම්කරු වෙත එම අවස්ථාවේ දී අදාළ වී පවතින දඩ පොලී ගාස්තු අය කිරීම දන්වනු ලැබේ.
- මුල් අවස්ථාවේදී වාරිකය හා වාරික ගෙවීමේ කාලසටහන නිශ්චිය කර දක්වනු ලැබේ.
- වාරිකය නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධයෙන් අය කරන පොලී අනුපාතිකය මාසිකව 4%කි.
- නියමිත රජයේ බදු (අදාළ වන පරිදි), අයදුම්පත සැකසීම සඳහා ගාස්තුව හා රක්ෂණ වාරික මුදල මුල් අවස්ථාවේදී ම නිශ්චය කරනු ලැබේ.
- පිරිනමනු ලබන මූල්‍ය පහසුකම හා සම්බන්ධ කරුණු හා පහසුකම ලබාදීමේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සමාගම විසින් සලකනු ලබන අවශ්‍යතා පිළිබඳව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි අලෙවි නිලධාරියා විසින් ණය ගැනුම්කරු වෙත මුලින් ම පැහැදිලි කිරීමක් ලබා දේ.
- මෙම අවස්ථාවේ දී මූල්‍ය පහසුකමේ කොන්දේසි සම්බන්ධයෙන් අලෙවි නිලධාරියා සහ ණය ගැනුම්කරු අතර එකඟතාවයක් ඇතිකර ගනු ලැබේ.
- ණය ගැනුම්කරු විසින් මූල්‍ය පහසුකම ලබාගැනීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු වේ.
- ණය ලබා ගැනීම සඳහා ණය ගැනුම්කරුගේ යෝග්‍යතාවය ඇගයීම සඳහා අවශ්‍ය කරන ලේඛන, ණය ගැනුම්කරුගේ තොරතුරු හා අනෙකුත් ව්‍යාපාරික තොරතුරු (අදාළ නම්) අලෙවි නිලධාරියා විසින් ඉල්ලා සිටිනු ලැබේ.
- මීට සමගාමීව ම, අලෙවි නිලධාරියා ණය ගැනුම්කරුගේ නිවෙස, ව්‍යාපාරික ස්ථානය වෙත යනු ලබන අතර අදාළ වන පරිදි ඇපකරුවන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට ද යනු ඇත.
- අදාළ සියලුම තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව, අලෙවි නිලධාරියා විසින් ණය ඇගයීම් වාර්තාවක් සකස් කර එය අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
- අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ දී ණය ගැනුම්කරුගෙන් අමතර තොරතුරු/විස්තර ඉල්ලා සිටිය හැකි අතර එකී තොරතුරු/විස්තර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත ලබාදීම ණය ගැනුම්කරු විසින් සිදු කළ යුතු වේ.
- මෙම ණය පහසුකමේ නියමයන් සහ කොන්දේසී අනුමත කිරීමේ නිලධාරීන් විසින් සංශෝධනය කරනු ලැබිය හැකි අතර එකී සංශෝධන අලෙවි විධායක විසින් ණය ගැනුම්කරු වෙත දන්වනු ලැබේ.
- ණය තීරණ මත මෙම ණය පහසුකම ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවයක් ද පවතින අතර එය ද ණය ගැනුම්කරු වෙත දන්වනු ලැබේ. පහසුකම අනුමත කිරීම වනාහී සමාගමේ ණය ප්‍රතිපත්තිය හා අනෙකුත් ණය ඇගයීම් මෙවලම් මත පාලනය වන ස්වාධීන ක්‍රියාවලියකි. ණය යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් සමාගම හෝ එහි නිලධාරීන් කිසිදු වගකීමක් දරනු නොලැබේ.
- පහසුකම අනුමත කෙරේ නම්, ඇප ලේඛනවලය අත්සන් කිරීම සඳහා ණය ගැනුම්කරු පැමිණීම අවශ්‍ය කෙරෙන අතර, එම අවස්ථාවේදී අදාළ වන ගාස්තු ගෙවිය යුතු වේ. රක්ෂණ සහතිකය, උකස්කර ආරක්ෂා කිරීමේ සහතිකය ආදිය ද සම්පූර්ණ කර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- ණය ගැනුම්කරු විසින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් මිලදී ගැනුම් ඇණවුම ලබා ගත හැකි අතර එය වාහන/උපකරණ අලෙවිකරුට භාර දිය යුතු ය.
- වාහනය/උපකරණ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, පරම හිමිකම් අයිතිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙත පැවරීම යන කාර්යයන් අලෙවිකරු විසින් සම්පූර්ණ කළ යුතු අතර ගෙවීම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමේ මුල් සහතිකය සමඟ අමතර යතුර (අදාළ වේ නම් පමණි) භාර දිය යුතු වේ.
කාල සීමාව
- සමාගම විසින් තීරණය කරනු ලබන නිශ්චිත කාල සීමාවකි.
වාරිකය
- සමාගම විසින් තීරණය කරනු ලබන මාසික කුලී සින්නක්කර වාරිකයකි.
උපකරණ භාවිතා කිරීම
- ණය ගැනුම්කරුගේ පිරිවැය මත මනා අලුත්වැඩියා හා කාර්ය තත්ත්වයේ වාහනය පවත්වාගෙන යායුතු වේ.
උපකරණ සඳහා සිදුවන අලාභ සහ හානි
- වාහනය සම්බන්ධයෙන් සිදුවන යම් හානියක් හෝ පාඩුවක් හෝ විනාශවීමක් සම්බන්ධයෙන් අයිතිකරු වගකීමෙන් නිදහස් කළ යුතු වේ. වාහනය හා සම්බන්ධ යම් අනතුරක් හෝ වෙනත් සංසිද්ධියක් වෙතොත් නොපමාව එය ලිඛිතව දැන්විය යුතු වේ.
රක්ෂණය
- වාහනයේ පූර්ණ වෙළඳ පොළ අගය දක්වා ආවරණය වන පරිදි ණය ගැනුම්කරුගේ පිරිවැය මත වාහනය රක්ෂණය කර තබාගත යුතු වේ.
ණය පහසුකම්
- මෙම ක්‍රමය යටතේ දී සලකා බැලිය හැකි වනුයේ ලියාපදිංචි කළ වාහන පමණි. නමුත්, නව උපකරණ/යන්ත්‍රෝපකරණ ලෙස සැලකෙන උපකරණ/යන්ත්‍රෝපකරණ සඳහා මෙම රීතිය අදාළ නොවේ.
- මුලින් එකඟ වන පරිදි නිශ්චිත කාලසීමාවක් සඳහා පමණක් ණය පහසුකම් ලබා දේ. උපරිම කාල සීමාව මාස 60කි.
- ගෙවිය යුතු ණය වාරිකය හා ණය ගෙවීමේ කාලසටහන නිශ්චය කර දක්වන අතර, මේ සඳහා ණය ගැනුම්කරු මුලින්ම එකඟ විය යුතු වේ.
- මෙහිදී වත්කම වනුයේ වාහනයක් නම්, වාහනයේ අයිතිය ණය ගැනුම්කරු සතුවන අතර පරම හිමිකම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු වේ.
- මූලික අවස්ථාවේ දීම අයදුම්පත සැකසීම සඳහා අදාළ වන ගාස්තුව නිශ්චය කරනු ලබන අතර, ඒ සඳහා ණය ගැනුම්කරු එකඟ විය යුතු වේ. අදාළ බදු හා රක්ෂණ ගාස්තු ද ණය ගැනුම්කරු විසින් දැරිය යුතු වේ.
- වාහනය/උපකරණ ක්‍රියාත්මක තත්ත්වයේ පවත්වා ගැනීම සඳහා නඩත්තු කිරීම ණය ගැනුම්කරුගේ වගකීමක් වේ. ණය පහසුකම පිරිනැමෙන සමස්ත කාල සීමාව සඳහා ම මූල්‍ය පොළිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පවරමින් සෑම වර්ෂයක් සඳහා ම රක්ෂණ ආවරණයක් ලබා ගත යුතු වේ.
- වාරික නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධව අය කෙරෙන පොලී අනුපාතිකය මාසිකව 4%කි. මෙය කළමනාකාරිත්වයේ අභිමතය අනුව වෙනස් විය හැකි වේ. එසේ වුවද, පහසුකම ලබා ගැනීමට සලකා බලන අවස්ථාවේ දී , ණය ගැනුම්කරු වෙත එම අවස්ථාවේ දී අදාළ වී පවතින දඩ පොලී ගාස්තු අය කිරීම දන්වනු ලැබේ.
- මුල් අවස්ථාවේදී ණය වාරික මුදල හා ණය වාරික ගෙවීමේ කාලසටහන නිශ්චිය කර දක්වනු ලැබේ.
- වාරික නියමිත කාලසීමාව තුළ නොගෙවීම සම්බන්ධ පොලී අනුපාතිකය මාසිකව 4%කි.
- නියමිත රජයේ බදු (අදාළ වන පරිදි), අයදුම්පත සැකසීම සඳහා ගාස්තුව හා රක්ෂණ වාරික මුදල මුල් අවස්ථාවේදීම නිශ්චය කරගත යුතු වේ.
- සේවාදායකයා විසින් මුලින්ම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි අලෙවි නිලධාරියෙකු හමුවිය යුතු අතර, පිරිනමනු ලබන මූල්‍ය පහසුකම හා සම්බන්ධ තොරතුරු හා පහසුකම ලබාදීමේ කටයුතු ඉදිරියට කරගෙන යෑම සඳහා සමාගම විසින් සලකනු ලබන අවශ්‍යතා පිළිබඳව එම අලෙවි නිලධාරියා විසින් සේවාදායකයා වෙත පැහැදිලි කිරීමක් ලබා දේ.
- මෙම අවස්ථාවේ දී මූල්‍ය පහසුකමේ කොන්දේසි සම්බන්ධයෙන් අලෙවි නිලධාරියා සහ සේවාදායකයා අතර එකඟතාවයක් ඇතිකර ගනු ලැබේ.
- සේවාදායකයා විසින් මූල්‍ය පහසුකම ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු ය.
- ණය ලබා ගැනීම සඳහා සේවාදායකයාගේ යෝග්‍යතාවය ඇගයීම සඳහා අවශ්‍ය කරන ලේඛන, සේවාදායකයාගේ තොරතුරු හා අනෙකුත් ව්‍යාපාරික තොරතුරු (අදාළ නම්) අලෙවි නිලධාරියා විසින් ඉල්ලා සිටිනු ලැබේ
- මීට සමගාමීව ම, අලෙවි නිලධාරියා සේවාදායකයාගේ නිවෙස, ව්‍යාපාරික ස්ථානය වෙත යනු ලබන අතර අදාළ වන පරිදි ඇපකරුවන්ගේ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට ද යනු ඇත.
- අදාළ සියලුම තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව, අලෙවි නිලධාරියා විසින් ණය ඇගයීම් වාර්තාවක් සකස් කර එය අනුමැතිය සඳහා ඉදිරිපත් කරනු ලැබේ.
- අනුමත කිරීමේ ක්‍රියාවලිය තුළ දී ණය ගැනුම්කරුගෙන් අමතර තොරතුරු/විස්තර ඉල්ලා සිටිය හැකි අතර එකී තොරතුරු/විස්තර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙත ලබාදීම ණය ගැනුම්කරු විසින් සිදු කළ යුතු වේ.
- මෙම ණය පහසුකමේ නියමයන් සහ කොන්දේසී අනුමත කිරීමේ නිලධාරීන් විසින් සංශෝධනය කරනු ලැබිය හැකි අතර එකී සංශෝධන අලෙවි විධායක විසින් ණය ගැනුම්කරු වෙත දැන්විය යුතු වේ.
- ණය තීරණ මත මෙම ණය පහසුකම ලබාදීම ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාවයක් ද පවතින අතර එය ද ගනුදෙනුකරු වෙත දැන්විය යුතු වේ. පහසුකම අනුමත කිරීම වනාහී සමාගමේ ණය ප්‍රතිපත්තිය හා අනෙකුත් ණය ඇගයීම් මෙවලම් මත පාලනය වන ස්වාධීන ක්‍රියාවලියකි. ණය යෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් සමාගම හෝ එහි නිලධාරීන් කිසිදු වගකීමක් දරනු නොලැබේ.
- මෙම ණය පහසුකම අනුමත කෙරේ නම්, ඇප ලේඛන වල අත්සන් කිරීම සඳහා ණය ගැනුම්කරු පැමිණීම අවශ්‍ය කෙරෙන අතර, එම අවස්ථාවේදී අදාළ වන ගාස්තු ගෙවිය යුතු වේ. රක්ෂණ සහතිකය, උකස්කර ආරක්ෂණ සහතිකය ආදිය ද අදාළ වන පරිද්දෙන් සම්පූර්ණ කර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත ඉදිරිපත් කළ යුතු වේ.
- ණය ගැනුම්කරු විසින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙතින් මිලදී ගැනුම් ඇණවුම ලබා ගත හැකි අතර එය වාහන/උපකරණ අලෙවිකරුට භාර දිය යුතු ය.
- වාහනය/උපකරණ ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය, පරම හිමිකම් අයිතිය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් වෙත පැවරීම යන කාර්යයන් අලෙවිකරු විසින් සම්පූර්ණ කළ යුතු අතර, ගෙවීම ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමේ මුල් සහතිකය සමඟ අමතර යතුර (අදාළ වේ නම් පමණි) භාර දිය යුතු වේ.
- ණය පහසුකම අනුව අලෙවියක් සිදු කිරීමට නොමැති නම්, ඇප ලේඛන වල අත්සන් කිරීමෙන් අනතුරුව ගෙවීම් ඇණවුම ණය ගැනුම්කරු වෙත නිකුත් කෙරේ.
කාල සීමාව
- සමාගම විසින් තීරණය කර, සමාගම හා ණය ගැනුම්කරු යන දෙපාර්ශවයම විසින් මුලින් එකඟතාවයකට පැමිණ යුතු නිශ්චිත කාල සීමාවකි
ආපසු ගෙවීම
- ලබා දුන් මුදල සහ සමාගම විසින් තීරණය කරනු ලැබූ වාර්ෂික පොලි අනුපාතිකය ද, හෝ සමාගම විසින් වරින් වර නියම කරනු ලබන හෝ වෙනස් කරනු ලබන වෙනත් එවැනි ඉහළ අනුපාතිකයක් හෝ අනුපාතික, හෝ සමාගමේ සභාපතිගේ නියමය පරිදි , එකී සභාපතිගේ පූර්ණ හා පරම අභිමතය පරිදි සහ රජය විසින් වරින් වර පනවනු ලබන යම් රජයේ බදු සහ අනෙකුත් ගාස්තු සමඟ එකතුව ආපසු ගෙවිය යුතු වේ.
ලියාපදිංචි කිරීම
- මෙම පහසුකම යටතේ යම් වාහනයක් ඇපයක් වශයෙන් ලබා දී ඇත්නම්, එකී වාහනය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත පරම හිමිකම පවරමින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් වරයා යටතේ විධිමත්ව ලියාපදිංචි කළ බවට තහවුරු කළ යුතු වේ.
රක්ෂණය
- ඇප වශයෙන් තබන වාහනය/ වාහන ණය ගැනුම්කරුගේ විසින් ඔහුගේ වියදමින් සමාගම විසින් තෝරා අනුමත කරන රක්ෂණකරුවන් සමඟ රක්ෂණය කළ යුතු අතර, මෙම ණය පහසුකම බලපැවැත්වෙන කාල සීමාව තුළ එකී රක්ෂණය පූර්ණ බලාත්මක තත්ත්වයේ පවත්වා ගත යුතු වේ. ණය ගැනුම්කරු විසින් රක්ෂණ සහතිකය කල් ඉකුත් වීමේ නියමිත දිනයට පූර්වයෙන් අලුත් කිරීම සිදු නොකෙරේ නම්, සමාගමට එම රක්ෂණ සහතිකය අලුත් කිරීමේ අයිතිය පවතින අතර ඒ සඳහා වැයවන සියලුම පිරිවැය ණය ගැනුම්කරුගේ ගිණුමට හර කළ යුතු වේ.
ඇප කොන්දේසි
- ඇප වශයෙන් ලබා දී ඇති වාහනය/වාහන ණය ගැනුම්කරුගේ වියදමින් අලුත්වැඩියා කර මනා තත්ත්වයෙන් පවත්වා ගන්නා බවට තහවුරු කරගත යුතු වේ. ඇප වශයෙන් ලබා දී ඇති වාහනය/වාහන සමාගම හෝ සමාගම විසින් බලය පැවරූ නිලධාරියෙකු විසින් සතියේ ඕනෑම දිනයක වැඩ කරන කාල සීමාව තුළ පරීක්ෂා කිරීම සඳහා තැබීමට වග බලා ගත යුතු වේ.
මරණය, දුබලතාවය හෝ බංකොලොත් බවට පැමිණීම
- සමාගමක බංකොලොත්බව හෝ ණය ගැනුම්කරුගේ මරණය හෝ නීතියෙන් සීමා කළ නොහැකි හෝ බැහැර කළ නොහැකි වෙනත් වගකීමක් සඳහා කිසිවක් සීමා කිරීම හෝ බැහැර කිරීම නොකළ යුතුය.
හිලව් කිරීම හා කැප අයිතිය
- ඉහත කරුණ සම්බන්ධයෙන් පූර්වමතික නොවී, ණය ගැනුම්කරුගේ ගෙවීමට නියමිත මුදල් අයකරගැනීම සඳහා කැප අයිතිය/හිලව් කිරීම යන අයිතින්ගෙන් නොබැදී ණය ගැනුම්කරුට එරෙහිව කටයුතු කිරීමට සමාගමට අයිතියක් තිබේ.
රහස්‍යභාවය පිළිබඳ වගකීම
- ඕනෑම ගනුදෙනුකරුවෙකුගේ තොරතුරුවල රහස්‍යභාවය පවත්වා ගැනීම සඳහා සාමාන්‍ය නීතිය යටතේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත වගකීමක් තිබෙන අතර එම වගකීම එහි නිලධාරීන් සඳහා ද පැවරේ. එසේ වුව ද, උසාවිය මඟින් නියම කරනු ලැබූ විට හෝ ගනුදෙනුකරු විසින් අවසර දෙනු ලැබූවිට හෝ රාජකාරී ඉටු කිරීමේදී හෝ යම් නීතිමය ප්රතිපාදනයක් සමඟ අනුකූල විය යුතු අවස්ථාවලදී ගනුදෙනුකරු හෝ ඔවුන්ගේ ගනුදෙනු, ගිණුම් හෝ තැන්පතුවලට අදාළ තොරතුරු සමාගම විසින් අනාවරණය කරනු ලැබිය හැක.
තෙවන පාර්ශවයක් වෙත ගනුදෙනුකරුගේ තොරතුරු අනාවරණය කිරීම
පහත පාර්ශව වෙත ස්වකීය ගනුදෙනු හෝ ගිණුම් පිළිබඳ තොරතුරු අනාවරණය කරන ලෙස ගනුදෙනු කරු විසින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙත අවසර දෙනු ලැබේ:
- සමාගම විසින් ගනුදෙනුකරු වෙත සපයනු ලබන යම් පහසුකමක් හෝ සේවාවක් සඳහා ගනුදෙනුකරු වෙත හෝ සිය ගිණුම් වෙත ඇපයක් ලබාදෙන ඇපකරුවෙකු හෝ තෙවන පාර්ශ්වීය ඇපකරුවෙකු වෙත; හෝ
- ගනුදෙනුකරුට අදාළව සමාගමේ යම් අයිතියක් හෝ බැඳීමකට සම්බන්ධ යම් තත්‍ය හා විභව්‍ය පැවරුම්කරුවෙකු, සහභාගීකරුවෙකු හෝ කොන්ත්‍රාත් පාර්ශවකරුවෙකු වෙත.