හදිසි අවශ්‍යතාවයක් හෝ ජීවිතයේ වැදගත් අවස්ථාවක් සඳහා ණය මුදලක් අවශ්‍ය වී තිබේ ද?
<p>missing</p>

හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරාගැනීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ආයතනය විසින් විවිධ වූ ණය පහසුකම් ඔබ වෙත පිරිනමනු ලැබේ. පුද්ගලික ආයෝජනයකට හෝ හදිසි මුදල් අවශ්‍යතාවයකට ආදී වශයෙන් විය හැකි ඔබගේ ණය අවශ්‍යතාවය සපුරා ගැනීමට ඔබ වෙත පවතින සුරක්ෂිතම මූල්‍ය විකල්පය වනුයේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් පිරිනමනු ලබන ණය පහසුකම් වේ.

වාහන ණය පහසුකම්

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් පිරි නැමෙන වාහන ණය පහසුකම් ඔස්සේ ඔබගේ වාහන සිහිනයට නවමු ප්‍රවේශයක් ලබා ගන්න. කරදර රහිත ක්‍රියාවලියක් සමඟින් අතිරේක ගාස්තු නොමැති මෙම ණය පහසුකම යටතේ අප විසින් ලියාපදිංචි කළ සහ ලියාපදිංචි නොකළ යන වාහන කාණ්ඩ ද්විත්වයම සඳහා ම ණය පහසුකම් පිරිනමනු ලැබේ. මෙහි දී ණය සුරැකුම ලෙස තැබීම සඳහා වාහනය ලියාපදිංචි කිරීමේ පොත අවශ්‍ය ‍වේ.

පුද්ගලික ණය

ණය මුදල ආපසු ගෙවීම සඳහා ඔබ සතු හැකියාව මත පදනම්ව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් ඔබ සඳහා පුද්ගලික ණය පහසුකම් ආකාර 02 ක් පිරිනැමේ.

කාලීන ණය (අදාළ කාල පරිච්ඡේදය අවසානයේ දී ගෙවිය යුතු වන)

නිසි පරිදි ණය ආපසු ගෙවීමේ කටයුතු සිදු කර ඇති ගනුදෙනුකාරභවතුන් සඳහා පිරිනැමෙන කෙටි කාලීන ණය පහසුකමකි. මෙහි දී ණය කළමනාකරු විසින් ණය ගෙවීම සහතික කිරීම සඳහා තැබිය යුතු සුරැකුම තීරණය කරනු ලැබේ. ණය ගැනුම්කරු විසින් ණය කාල සීමාවේ අවසාන මාසය දක්වා ම පොලී සංරචකය පමණක් ගෙවිය යුතු අතර, අවසාන මාසයේ දී පොලී මුදල සමඟ ලබාගත් සම්පූර්ණ ණය මුදල ම ගෙවිය යුතු වේ.

කාලීන ණය (හීනවන ආකාරය)

මෙම ණය පහසුකම යටතේ දී ණය ගැනුම්කරු විසින් ණය ආපසු ගෙවා නිම කිරීම සඳහා අදාළ නිශ්චිත කාල සීමාව මුළුල්ලේම සමාන වාරික මුදලක් ගෙවීම සිදුකළ යුතු වේ. ණය කළමනාකරුගේ පූර්ණ අභිමතය පරිදි ලියාපදිංචි කළ වාහන, යන්ත්‍රෝපකරණ හෝ වෙනත් සුරැකුමක් සඳහා මෙම ණය පහසුකම ලබා දිය හැක. ණය ගැනුම්කරුගේ ණය ආපසු ගෙවීමේ හැකියාව සම්බන්ධයෙන් වූ පූර්ව ණය වාර්තා ද මෙහි දී සැලකිල්ලට භාජනය වේ..

බලයලත් තැන්පතු භාරගැනීමේ ආයතනයක් ලෙස පිරිනැමෙන පහසුකම් (ක්ෂණික ණය පහසුකම්)

පූර්ව අනුමත ණය සීමාවක් සමඟ හීනවන වන ආකාරයට ගණනය කරනු ලබන ණය පහසුකමකි. මෙහි දී එකී ණය සීමාව පූර්ව වශයෙන් නිශ්චිත කෙරෙන කාල සීමාවක් සඳහා පමණක් ලබා දෙනු ලැබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන භරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (Average Weighted Prime Lending Rate- AWPLR) මත පදනම්ව සෑම වර්ෂයකම අප්‍රේල් හා ඔක්තෝම්බර් මාසවල දී මෙම ණය පහසුකම සඳහා වන පොලී අනුපාතිකය සංශෝධනය කරනු ලැබේ.

දේපළ උකස් ණය

එක් එක් ගනුදෙනුකාරභවතුන්ගේ ණය අවශ්‍යතා වෙන් වෙන්ව සැලකිල්ලට භාජනය කරන මෙම ණය පහසුකම උපයෝගී වනුයේ දේපළ උකසට තබා ණය ගැනීම සඳහා ය. මෙහිදී නිශ්චිත කාල සීමාවක් තුළ දී ණය ආපසු ගෙවීම සම්පූර්ණ කිරීම සඳහා අදාළ ගනුදෙනුකරු විසින් සමාන මාසික වාරික වලින් ණය මුදල ආපසු ගෙවිය යුතු වේ.

වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 112 10 10 10
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් පිරිනමන ණය පහසුකම්වල වාසි
  • අවම පොලී අනුපාතික
  • කඩිනම් සැකසුම් කාලය හා කරදර රහිත සැකසුම් ක්‍රියාවලිය
  • පුද්ගලික ආදායම් තත්ත්ව මත පදනම් වූ නම්‍යශීලී ගෙවීම් සැලසුම්
අමතන්න
SiteLock