ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සුරක්ෂිතතාවය වෙත ධෛර්යමත් කිරීම හා ප්‍රගුණ කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් ඉතිරි කිරීමේ ගිණුම් වර්ග 02ක් හඳුන්වා දී ඇත:
1. MI කිඩ්ස් ඉතුරුම් ගිණුම 
ඔබගේ දරුවාට දීප්තිමත් අනාගතයක් උදා කර දීම සඳහා අවැසි ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනැඟීම සඳහා උපකාරී වන ගිණුමකි.
2. MI මැක්ස් ඉතුරුම් ගිණුම 
අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් (ආයෝජනය කළ හැකි ලෙස සැලකෙන නෛතික වයස් සීමාවෙන් ඉහළ) වෙනුවෙන් ඔවුන්ගේ අනාගත මූල්‍ය ස්වාධීනත්වය උදෙසා පිරිනැමෙන ගිණුමකි.
මෙම ඉතිරි කිරීමේ ගිණුම් ද්විත්වය සඳහාම ආකර්ෂණීය පොලී අනුපාතිකයක් පිරිනැමෙන අතර දිවයින පුරා පිහිටා ඇති ඕනෑම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛාවක් වෙත ගොස් මෙම ගිණුමක් ආරම්භ කළ හැකි අතරම එම ගිණුම් සම්බන්ධ ගනුදෙනු ද එකී ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි ය.
 
Call our hotline for more details: +94 71 5111000 
 
ඉතිරුම් සඳහා පොලී අනුපාතික
| නිමැවුම | 
පොලී අනුපාතික | 
| සාමාන්‍ය ඉතුරුම් | 
4.50% | 
| බාල වයස්කාර ඉතුරුම් | 
5.50% | 
| ජ්යෙෂ්ඨ ඉතුරුම් | 
5% | 
| Micro savings | 
3%  | 
 
2024 පෙබරවාරි මස 20 දින සිට බල පැවැත්වෙන ඉතුරුම් සඳහා වන පොලී අනුපාතික.
 
අවශ්‍ය කෙරෙන ලේඛන:
- විධිමත්ව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
 
- විධිමත්ව සම්පූර්ණ කළ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ තොරතුරු (KYC) ඇතුළත් ආකෘතිය
 
- ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
 
- ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වර්තමාන ලිපිනය වෙනස් වන්නේ නම් වර්තමාන ලිපිනය තහවුරු කිරීම සඳහා උපයෝගී බිල්පතක් මඟින් තහවුරු කිරීමක්
 
- බදු ප්‍රකාශය (අදාළ වන්නේ නම්)
 
- Birth Certificate copy (for minors)