ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් 1964 වර්ෂයේ සිට සියලු පහසුකම්වලින් සමන්විත වාහන සේවා කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානයක් කොහුවල ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලැබේ.

පසුගිය දශක 5 මුළුල්ලේම, වාහන සේවා කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය විසින් සියලුම වර්ගවල මඟී වාහන හා වාණිජ වාහන අලුත්වැඩියා කිරීමේ හා සේවා කිරීමේ කටයුතු සිදුකර ගෙන යනු ලැබේ. වසර ගණනාවක අත්දැකීම් සහිත නිපුණ කාර්මිකයන් මෙම සේවා මධ්‍යස්ථානයේ සිටින අතර අපගේ සේවාදායකයන්ට ස්වකීය වාහන සේවා කිරීම හා අලුත්වැඩියාව විශ්වාසනීය දෑත් මත පවතින බවට සහතික කළ හැකි වේ.

නියාමන හා නියමිත කාලාන්තරවලදී සිදුකළ යුතු සේවා මෙන්ම පරිගණකගත කළ වර්ණ මිශ්‍ර කිරීමේ ක්‍රමවේද සමඟ ඉහළ තාක්ෂණයන් භාවිතා කරන වාහන පින්තාරු කිරීම් ද මෙම අති නවීන වාහන සේවා කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලැබේ. ඔබට දැරිය හැකි මිලකට තත්ත්වයෙන් උසස් ගුණාත්මක සේවාවක් ලැබේ.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස්හි සේවා හා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය හා සම්බන්ධ විය හැකි දුරකතන අංකය හා ලිපිනය පහත දැක්වේ.

 

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සේවා හා අලුත්වැඩියා කිරීමේ මධ්‍යස්ථානය

නො.28,
සුනේත්‍රා දේවී පාර,
කොහුවල, ශ්‍රී ලංකාව
අමතන්න
SiteLock