
ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අප දක්වන අඛණ්ඩ කැපවීම සහ එක්සත් ජාතීන්ගේ හතරවැනි තිරසර සංවර්ධන ඉලක්කයවන ගුණාත්මක අධ්‍යාපනයට අනුකූලව අප ආයතනය පාසල් සිසුන් හට සවියක් වෙමින් සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කළේය.
ඒ අනුව, 2026 පෙබරවාරි 26 වනදා බලංගොඩ අඩු වරප්රසාදලාභී පවුල්වල දරුවන් අධ්‍යාපනය ලබන යටිපස්ගමුව විද්‍යාලයේදී එම වැඩසටහන ක්‍රියාත්මක විය. අධ්‍යාපන කටයුතු සහ දෛනික පාසල් ජීවිතය සඳහා අවශ්‍ය මූලික පහසුකම් සපයා ගැනීම එම දරුවන් මුහුණදෙන ප්‍රධානතම ගැටළුවකි.
මෙම අභියෝගය හඳුනා ගනිමින් අපි එම දරුවන්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා අවශ්‍ය ලිපිද්‍රව්‍ය, පාසල් සපත්තු, පාසල් බෑග්, වෙනත් අධ්‍යාපන මෙවලම් මෙන්ම වියළි ආහාර ද ප්රදානය කිරීමට කටයුතු කළෙමු. පාසල් දරුවන් සඳහා වඩාත් සාධාරණ සහ ඉගෙනීමට උනන්දු කරවන පරිසරයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ විය.
ක්ෂුද්‍ර මෝටර් රථ අංශයේ කළඹ කළමනාකාර මලිඳු රුක්ෂාන්, ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකරු චින්තක සේරම්ගේ නායකත්වය යටතේ මෙම වැඩසටහන සංවිධාන කළේය. බලංගොඩ ශාඛාවේ කාර්යමණ්ඩලයේ නොමඳ සහයෝගයෙන් යුතුව, තිරසර පරිපාලන කමිටුවේ ප්‍රධානී, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා ප්රමුඛ කමිටු සාමාජිකයින්ගේ මගපෙන්වීම යටතේ එම වැඩසටහන සාර්ථකව පැවැත්විණි.
මෙවැනි ප්‍රජා සත්කාරක වැඩසටහන් හරහා අපි අධ්‍යාපනයට සහයෝගය ලබා දීමටත්, අවශ්‍යතා සහිත ප්‍රජාවන් ඔසොවා තැබීමටත් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරන්නෙමු.

