මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස්, Clean Ocean Force Lanka සමග අත්වැල් බැඳගනිමින්, කාක දූප

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, Clean Ocean Force Lanka (COF) ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය සමග අත්වැල් බැඳගනිමින්, 2025 නොවැම්බර් මස 25 වනදා මට්ටක්කුලිය කාක දූපත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කළේය. ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ කාර්යමණ්ඩල සාමාජිකයින් සහ හවුල්කාර සංවිධාන, කොළඹ ප්‍රදේශයේ වඩාත් දූෂණයට ලක්ව තිබෙන මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමට එක්වූහ.

මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ පාරිසරික, සමාජයීය සහ පරිපාලන කැපවීමේ තවත් එක් ඉදිරි පියවරකි. SDG 14: Life Below Water, SDG 15: Life on Land සහ SDG 13: Climate Action ඇතුළු එක්සත් ජාතීන්ගේ ප්‍රධාන ESG ඉලක්කවලට අනුකූලව දියත් කෙරෙන මෙවැනි වැඩසටහන් හරහා, ස්වභාවික ජෛව පරිසරය ආරක්ෂා කිරීමටත්, පාරිසරික බලපෑම අවම කිරීමටත් අප දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු වේ. 

විවිධ ශාඛා සහ අංශ නියෝජනය කරමින් කාර්යමණ්ඩල සාමාජිකයින් 100 කට අධික පිරිසක් මෙන්ම, COF ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් විශාල පිරිසක් ද එක්ව මෙහිදී, එක්රැස් වී ඇති කැළි-කසළ, ප්ලාස්ටික් අපද්‍රව්‍ය සහ වෙනත් පරිසරයට හානිකරන ද්‍රව්‍ය ඉවත් කිරීමට කටයුතු කළෝය. 

දිගුකාලීන බලපෑමක් ඇති කිරීමට මෙවැනි හවුල්කාරිත්ව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බව මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් අවධාරණය කරයි. Clean Ocean Force Lanka ආයතනය සහ ශ්‍රී ලංකා පොලීසිය සම්බන්ධ වීම මගින් මෙම වැඩසටහන වඩාත් ශක්තිමත් විය. 

මේ සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වූ කාර්යමණ්ඩල සාමාජිකයින්ට මෙන්ම, මෙම වැඩසටහන සාර්ථකකර ගැනීමට Clean Ocean Force Lanka (COF) ආයතනයටත්, ශ්‍රී ලංකා පොලීසියටත් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සිය කෘතඥතාව පළකර සිටී. අනාගතයේදී ද මෙවැනි පාරිසරික සහ ප්‍රජා වැඩසටහන් දියත් කිරීමට එම සමාගම කැප වී සිටී.

 

 

අමතන්න
SiteLock