
පිරිසිදු පරිසරයක් ගොඩනැගිය හැක්කේ, අප එදිනෙදා තබන කුඩා පියවර මගිනි. අප සම්පත් භාවිත කරන ආකාරයේ සිට අප උත්පාදනය කරන අපද්‍රව්‍ය කළමනාකරණය කරන ආකාරය දක්වා සෑම ක්‍රියාවක්ම වඩාත් තිරසර අනාගතයක් වෙනුවෙන් දායකත්වය ලබා දෙයි.
MI Finance අපි, පාරිසරික වගකීම යනු වඩාත් යහපත් හෙට දිනක් ගොඩනැගීම තුළ අතිශය වැදගත් අංගයක් බව විශ්වාස කරන්නෙමු. මෙම කැපවීම අනුව යමින් අපි, ISO 9001:2015, ISO 14001:2015 සහ ISO 45001:2018 ප්‍රමිති සහතික හිමි Cleantech සමාගම සමග ඇතිකර ගත් තිරසර අපද්‍රව්‍ය කළමනාකරණ හවුල්කාරිත්වයේ පළමු වසර සම්පූර්ණ කළ බව ඉතා සතුටින් දැනුම් දෙමු.
අර්ථාන්විත ප්‍රගතියක පළමු වසර
පසුගිය වසර පුරා අපගේ හවුල්කාරිත්වය හේතුවෙන්, වගකීම්සහගත සම්පත් කළමනාකරණය සහ තිරසර අපද්‍රව්‍ය බැහැර කිරීම සම්බන්ධව ප්‍රායෝගික පියවර රැසක් ගැනීමට හැකි විය.
මෙම කාලය තුළ, ප්රතිචක්රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 4.5 කට අධික ප්‍රමාණයක් සහ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (ඉ-අපද්‍රව්‍ය) ඒකක 103 ක්, වගකීම්සහගත ප්රතිචක්රීයකරණය සහ පිරිසැකසුම් කිරීම සඳහා Cleantech සමාගමට භාර දීමට අපට හැකි විය.
අපද්‍රව්‍ය, අගනා සම්පත් බවට පත්කර ගැනීම
මෙම ජයග්‍රහණය, පරිසරයට වැදගත් වන්නේ කෙසේද?
කඩදාසි, කාඩ්බෝඩ් සහ ප්ලාස්ටික් වැනි අමුද්‍රව්‍ය, අපද්‍රව්‍ය ලෙස බැහැර කිරීම අවශ්‍ය නොවේ. නිසි ලෙස එකතු කිරීමෙන් සහ ප්රතිචක්රීයකරණය කිරීමෙන් එම අමුද්‍රව්‍ය නව නිෂ්පාදන බවට පත් කළ හැකි අතර එමගින් අලුත් සම්පත් සඳහා ඇති ඉල්ලුම අඩු කර, වඩාත් කාර්යක්ෂම සම්පත් භාවිතයක් වෙනුවෙන් මග පාදයි.
පරිගණක සහ වෙනත් විද්‍යුත් උපකරණ ඇතුළු ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තුළ තිබිය හැකි අහිතකර ද්‍රව්‍ය හේතුවෙන් ඒවා බැහැර කිරීම සඳහා විශේෂඥ දැනුමක් අවශ්‍ය වේ. වගකීම්සහගත ලෙස ඉ-අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණය කිරීමෙන් සහ පිරිසැකසුම් කිරීමෙන් එම වටිනා අමුද්‍රව්‍ය යළි ප්‍රයෝජනයට ගැනීමට හැකිවන අතරම පාරිසරික අවදානම ද අවම කෙරේ.
විශේෂඥ අපද්‍රව්‍ය කළමනාකරණ පහසුකම් සම්පාදකයෙකු සමග අත්වැල් බැඳ ගැනීම මගින් MI Finance සමාගම, මෙම අමුද්‍රව්‍ය වගකීම්සහගත ලෙස බැහැර කිරීමට සහයෝගය ලබා දෙයි. බැහැර කිරීම සඳහා යොමු කෙරෙන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සහ වඩාත් තිරසර සම්පත් කළමනාකරණ ක්‍රම දිරිමත් කිරීම එහි ප්‍රධාන අරමුණයි.
චක්‍රීය ආර්ථිකයක් වෙත පා තැබීම
චක්‍රීය ආර්ථිකයක් යනු, අප සතුව දැනටමත් පවතින සම්පත් වඩාත් හොඳින් පරිහරණය කිරීමයි. සම්ප්‍රදායික ලෙස සම්පත් පරිහරණය කර බැහැර කිරීම වෙනුවට එම සංකල්පය, අපද්‍රව්‍ය අවම කිරීමටත්, අමුද්‍රව්‍ය යළි භාවිත කිරීමටත්, හැකි සෑම විටෙකම ප්රතිචක්රීයකරණය කිරීමටත් අපව දිරිමත් කරවයි.
අපගේ මෙම වැඩසටහන, 12 වැනි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කයට (වගකීමෙන් යුතු පරිභෝජනය සහ නිෂ්පාදනය) සෘජුවම දායකත්වය ලබා දෙයි. එහි 12.5 අනු ඉලක්කයවන අපද්‍රව්‍ය උත්පාදනය වීම වැළැක්වීම, අඩුකිරීම, ප්රතිචක්රීයකරණය සහ ඒවා නැවත භාවිතා කිරීම මගින් අඩු කිරීම සඳහා මෙමගින් විශේෂයෙන් අවධානය යොමු කෙරේ.
මෙම වැඩසටහන හරහා අපි, වගකීම්සහගත පරිභෝජන ක්‍රම ශක්තිමත් කිරීමටත්, අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු සඳහා සම්පත්වලින් වඩාත් කාර්යක්ෂම ලෙස ප්‍රයෝජන ගැනීමටත් අඛණ්ඩව කැප වන්නෙමු.
අනාගත ඉලක්කය
Cleantech සමාගම සමග ඇතිකර ගත් සබඳතාවට වසරක් පිරිම, MI Finance අපගේ තිරසර ගමන්මගේ වැදගත් සංධිස්ථානයක් සනිටුහන් කරයි.
මෙතෙක් අත්කර ගත් ප්‍රගතිය නිරූපණය වුවත්, සැබෑ අගය රැඳී ඇත්තේ අපගේ ආයතනය පුරා අඛණ්ඩව දියත් කෙරෙන වගකීම්සහගත භාවිතාවන්, පාරිසරික දැනුම්වත් කිරීම් සහ ධනාත්මක පුරුදු මතය.
MI Finance අපි, මෙම ප්‍රගතිය තවදුරටත් ඉදිරියට ගෙන යාමටත්, වඩාත් තිරසර සහ කාර්යක්ෂම ලෙස සම්පත් භාවිත කිරීම සඳහා පියවර ගැනීමටත් ඉදිරියටත් කැප වන්නෙමු.
වගකීමේ යුතුව පියවරෙන් පියවර තබමින් අපි වෙනසක් වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමු.