
ප්‍රජා සංවර්ධනයට අප දක්වන අඛණ්ඩ කැපවීම සහ 4 වැනි එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය (SDG) වන ගුණාත්මක අධ්‍යාපනය අනුව යමින් අප ආයතනය අවධානයට ලක්විය යුතු දරුවන් හට සහයෝගය ලබා දීමට ඉදිරිපත් විය.
ඒ අනුව, 2026 මැයි මස 04 වනදා අපි, රාගල ප්‍රදේශයේ අඩු වරප්‍රසාදලාභී පවුල්වල දරුවන් 185 දෙනෙකුට අධ්‍යාපනය ලබා දෙන පාසලක්වන මන්ත්‍රීතැන්න විද්‍යාලයට අත්වැලක් වීමට කටයුතු කළෙමු. තාවකාලිකව වෙන් කරන ලද ශාලාවක පන්ති කාමර පවත්වාගෙන යනු ලබන එම පාසල තුළ කැපීපෙනෙන යටිතල පහසුකම් අභියෝග රැසක් පැවතිණි.
දරුවන් හට වඩාත් විධිමත් ඉලක්කගත ඉගෙනුම් පරිසරයක් හිමිකර දීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ වෙනම පන්ති කාමරයක් ඉදිකිරීමට කටයුතු කෙරිණි. තවද, පාසල් පරිශ්‍රයේ තීන්ත ආලේපකර, විදුලි පහන් සවිකර කැඩපත් අලුත්වැඩියා කිරීම ද සිදු කෙරුණු අතර එමගින් දරුවන් හට වඩාත් සුරක්ෂිත, පිරිසිදු සහ හිතකාමී අධ්‍යාපනික වටපිටාවක් ගොඩනැගීම ප්‍රධාන අරමුණයි.
ඉගෙනුම් තත්ත්වය වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය දරුවන් හට වඩාත් උසස් අධ්‍යාපනික ප්‍රතිඵල අත්කර දීම සඳහා අන්තර්කරණ සහ සමාන ගුණාත්මක අධ්‍යාපනයක් (SDG 4) ප්‍රවර්ධනය කිරීම ඉලක්කයයි.
ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර මහේන්ද්‍ර අමුණුගම මහතාගේ නායකත්වය යටතේ ලීසිං/ණය (ශාඛා ප්‍රධානී) නියෝජ්‍ය කළමනාකාරිනී යමුනා ප්‍රියදර්ශිනී මහත්මිය මෙම වැඩසටහන සංවිධාන කළාය. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා ප්‍රධානත්වය දරන තිරසර පරිපාලන කමිටු සාමාජිකයින්, දෙමාපියන් සහ ස්වේච්ඡා සාමාජිකයින්ගේ සහයෝගයෙන් යුතුව රාගල ශාඛා කණ්ඩායම විසින් එම වැඩසටහන සාර්ථකව දියත් කරන ලදි.
මෙවැනි වැඩසටහන් හරහා, අඩු වරප්‍රසාදලාභී ප්‍රජාවන්ට සහයෝගය ලබාදීම සහ දිගුකාලීන සමාජ සංවර්ධනයට දායකත්වය ලබා දීම මගින් SDG 4 - ගුණාත්මක අධ්‍යාපනය සහ SDG 10 - අව අසමානතාව යන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම මනාව පිළිබිඹු වේ.




