මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI Finance) සිය 87 වැනි ශාඛාව කුරුණෑගලදී විවෘත කරයි

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් (MI Finance) සමාගම කුරුණෑගල නගර ශාඛාව විවෘත කරමින් තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කළේය. එලෙස විවෘත කෙරුණේ එම සමාගමේ 87 වැනි ශාඛාවය. 

කාර්යබහුල කුරුණෑගල නගරයේ පිහිටි මෙම නව නගර ශාඛාව, විශ්වසනීය, පහසු සහ පාරිභෝගික-කේන්ද්‍රීය මුල්‍ය විසඳුම් මෙරට ජනතාවට වඩාත් සමීප කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් දක්වන කැපවීම තවදුරටත් පිළිබිඹු කරයි. මෙම ශාඛාව, නවීන පහසුකම් සහ පාරිභෝගිකයින්ට වඩාත් ඔබින පරිසරයකින් යුතුව ස්ථාපනයකර ඇති අතර, ස්ථාවර තැන්පතු, ලීසිං විසඳුම්, රන් ණය, ඉතුරුම් සහ පාරිභෝගික අවශ්‍යතාව අනුව සකස් කෙරෙන මුල්‍ය විසඳුම් ද ඇතුළුව තනිපුද්ගල සහ ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන පරිපූර්ණ සේවා පෙළ පිරිනැමීමේ හැකියාවෙන් යුතු වේ.

ප්‍රාදේශීය ආර්ථික ක්‍රියාකාරකම් සහ ව්‍යවසායකත්වය නගාසිටුවන අතරම, මුල්‍ය සේවා සඳහා ජනතාවට ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා මෙය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම සිදු කළ ක්‍රමෝපායික ආයෝජනයකි. වයඹ පළාතේ ප්‍රධානත ම නගරයක සිය ශාඛා ජාලය පුළුල් කිරීම හරහා එම සමාගම විශ්වසනීය මුල්‍ය සහයෝගය සහ දිගුකාලීන අගය එක් කිරීම සමගින් පාරිභෝගිකයින් සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරයි. 

තවද, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ ස්ථාවර වර්ධනය, ශක්තිමත් පාරිභෝගික විශ්වාසය මෙන්ම සේවා විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම ද මෙම සංධිස්ථානය මගින් පිළිබිඹු කෙරේ. ශීඝ්‍ර වර්ධනය අවදියකට පිවිස සිටින එම සමාගම මෙරට පාරිභෝගිකයින් වෙනුවෙන් විවෘත කරන සෑම ශාඛාවක් ම, නවෝත්පාදන මුල්‍ය විසඳුම් පිරිනැමීම, අර්ථාන්විත පාරිභෝගික සබඳතා ගොඩනැගීම සහ මෙරට තිරසර සංවර්ධනයට දායක වීම යන ඉලක්ක කරා යන ගමනේ ඉදිරි පියවරක් සනිටුහන් කරයි. 

මෙම නවත ම ශාඛාවේ සේවා විශිෂ්ටත්වය අත්විඳින ලෙස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම කුරුණෑගල අවට ජනතාවට ආරාධනා කර සිටින අතර, මුල්‍ය සුරක්ෂිතතාව සහ වර්ධනය දක්වා ඔවුන් යන ගමන තුළ විශ්වසනීය මුල්‍ය සහකරුවෙකු බවට පත් වීමට අපේක්ෂා කරයි.

 

අමතන්න
SiteLock