MI Finance 2025/26 වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය පසුගියදා උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. විශිෂ්ටත්වය, සුවිශේෂී සංධිස්ථාන මෙන්ම ශ්‍රී ලාංකේය මුල්‍ය ක්ෂේත්රයේ අනාගතය හැඩගස්වන අසමසම කාර්යමණ්ඩල සාමාජිකයින් සහ කණ්ඩායම් ද මෙහිදී ඇගයුමට ලක් කෙරිණි.
2025/26 මුල්‍ය වර්ෂය පුරා කැපවීම සහ නවෝත්පාදන චින්තනය පෙන්නුම් කළ MI Finance කාර්යමණ්ඩල සාමාජිකයින් මෙහිදී සම්මානයට පාත්‍ර විය. විශිෂ්ට කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ (ඉදිරිපෙළ සහ පසුපෙළ) සිට ඉහළ ප්‍රතිඵල ළඟාකර ගත් කණ්ඩායම් දක්වා, MI Finance වර්ධනයටත්, සාර්ථකත්වයටත් උර දුන් විශිෂ්ටයින් රැසක් එදින විදහා දැක්විණි. ප්‍රාදේශීය මට්ටමින් මෙන්ම ශාඛා මට්ටමින් ද, කණ්ඩායම් මට්ටමින් මෙන්ම සේවා මට්ටමින් ද සුවිශේෂී හැකියාවන් පෙන්නුම් කළ පිරිස් වෙත මෙහිදී සම්මාන ප්රදානය කෙරිණි.
2025/26 සම්මාන රාත්‍රිය, MI Finance සමාගමේ කැපීපෙනෙන සංධිස්ථානයක් සනිටුහන් කළේය. MI Finance සමාගම, ශ්‍රී ලාංකේය මුල්‍ය සේවා ක්ෂේත්රයේ අඛණ්ඩව සිය නාමය ශක්තිමත්කර ගනිමින් සිටින අතර, එම ප්‍රගතිය සැමරීමටත්, ඉදිරියේ ඇති ඉලක්ක ජය ගැනීම සඳහා ශක්තිමත් පදනමක් සකස්කර ගැනීමටත් මෙම අවස්ථාව මනා වේදිකාවක් බවට පත් විය. මුල්‍ය සේවා ක්ෂේත්රයේ ඉදිරි ගමන සඳහා සෑම සාමාජිකයෙකුම ඉටුකරන කාර්යභාරය මෙන්ම විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය සේවාව වෙනුවෙන් MI Finance සමාගම දක්වන කැපවීම ඇගයුමට ලක් කිරීම සඳහා එම සමාගමේ කළමනාකාරිත්වය විසින් මෙම සම්මාන උළෙල සඳහා නායකත්වය ලබා දුන්නේය.
සම්මාන පිරිනැමීමට අමතරව, සුහදත්වය වර්ධනයකර ගැනීමටත්, සබඳතා ශක්තිමත්කර ගැනීමටත් එය කාර්යමණ්ඩල සාමාජිකයින් හට මනා අවස්ථාවක් බවට පත් විය.
"මෙම සුවිශේෂී අවස්ථාව අමතක නොවන දිනයක් බවට පත් කළ ඔබට අපගේ හෘදයංගම ස්තූතිය පිරිනමන්නෙමු. තවත් සාර්ථක වසරක ජයග්‍රහණ සැමරීමට මීළඟ වසරේදීත් හමු වෙමු."
සම්මාන ප්‍රදානෝත්සවයේ සාර්ථක නිමාවත් සමග, MI Finance සමාගම නැවුම් ජවයකින් යුතුව අනාගතයට මුහුණ දීමට සූදානමින් සිටී. 2026/27 වසරේදී තවත් සුවිශේෂී ජයග්‍රහණ රැසක් සමගින් වාර්ෂික සම්මාන ප්රදානෝත්සවය සැමරීම සඳහා MI Finance සමාගම සියලු පාර්ශ්වකරුවන් හට ආරාධනාකර සිටී.