MI Finance, තිරසර කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනයට Glorious Holdings සමග අත්වැල් බැඳ ගනී

MI Finance සමාගම, මෙරට ප්‍රමුඛතම තිරසර කෘෂිකාර්මික විසඳුම් සම්පාදකයෙකුවන Glorious Holdings සමාගම සමග අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

ඉහළ ඵලදාවක් හිමිවන කෘෂිකාර්මික ව්‍යාපෘති, උසස් හරිතාගාර තාක්ෂණික ක්‍රමවේද සහ පාරිසරික වශයෙන් වගකීම්සහගත ආයෝජන සඳහා නවෝත්පාදන මුල්‍යකරණ විසඳුම් පිරිනැමීම හරහා තිරසර කෘෂිකර්මාතයේ වර්ධනයට සහයෝගය ලබා දීම මෙම සුවිශේෂී හවුල්කාරිත්වයේ අරමුණයි. මෙමගින්, MI Finance සහ Glorious Holdings සමාගම්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වඩාත් ඉහළ ඵලදායීතාවක් සහ ඔරොත්තු දීමේ හැකියාව ගොඩනගන අතරම, ව්‍යවසායකත්වය, ගොවි ජනතාව සහ ආයෝජකයින් සවිබල ගැන්වීමට කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්කය 2 (කුසගින්න තුරන් කිරීම), ඉලක්කය 8 (සුනිසි මෙහෙවර සහ ආර්ථික වර්ධනය), ඉලක්කය 9 (කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්) සහ ඉලක්කය 13 (දේශගුණික ක්‍රියාකාරකම්) වලට අනුකූලව අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම මගින්, තිරසර සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ දිගුකාලීන ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් දක්වන සාමූහික කැපවීම පිළිබිඹු කෙරේ.

වඩාත් තිරසර ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා වගකීම්සහගත සහ නවෝත්පාදන කෘෂිකාර්මික මුල්‍ය සේවා විසඳුම් හරහා අර්ථාන්විත බලපෑමක් ඇති කිරීමට MI Finance සහ Glorious Holdings මෙලෙස අත්වැල් බැඳගෙන සිටී.

 

 

අමතන්න
SiteLock