අධ්‍යාපනය තුළින් අනාගත පරපුර සවිබල ගැන්වීම - කටුනායක මහා විද්‍යාලය

ප්‍රජා සංවර්ධනය සහ එක්සත් ජාතීන්ගේ හතරවැනි තිරසර සංවර්ධන ඉලක්කයවන ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරමින්, අවධානයට ලක්විය යුතු තවත් සිසුන් පිරිසක් වෙනුවෙන් අපි ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කළෙමු.

ඒ අනුව, අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය සම්පත් සපයා ගැනීමේ අභියෝගයට මුහුණ දී සිටින අඩු වරප්‍රසාදලාභී පවුල්වල දරුවන් හට අධ්‍යාපනය ලබාදෙන කටුනායක මහා විද්‍යාලයේදී 2026 මාර්තු මස 24 වනදා මෙම වැඩසටහන දියත් කෙරිණි. එමගින්, 5 සහ 6 ශ්‍රේණිවල දරුවන් 35 දෙනෙකුට ප්‍රතිලාභ හිමි විය.

ඔවුන්ගේ අධ්‍යාපන ගමනට සවියක් වෙමින් අපි දරුවන්ට අත්‍යාවශ්‍ය ලිපිද්‍රව්‍ය, පාසල් බෑග්, වෙනත් ඉගෙනුම් ද්‍රව්‍ය මෙන්ම ඔවුන්ගේ පවුල් සඳහා ආහාර මලු ලබා දීමට ද මෙහිදී කටයුතු කළෙමු. දරුවන් සඳහා වඩාත් අන්තර්කරණ සහ ඉගෙනීමට උනන්දු කරවන ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම මෙම වැඩසටහනේ අරමුණ විය.

ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර නන්දන ප්‍රදීප් මහතාගේ මූලිකත්වයෙන්, ජා-ඇල ශාඛා කළමනාකාර එස්. වරධන් මහතා මෙම වැඩසටහන සංවිධාන කළේය. ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා සභාපතිත්වය දරන තිරසර පරිපාලන කමිටුවේ මගපෙන්වීම යටතේ ජා-ඇල සහ මීගමුව ශාඛාවල කාර්යමණ්ඩල සාමාජිකයින්ගේ නොමඳ සහයෝගයෙන් යුතුව එම වැඩසටහන සාර්ථකව දියත් කෙරිණි.

මෙවැනි වැඩසටහන් හරහා අප වඩාත් සුබදායී අනාගතයක් වෙනුවෙන් ප්‍රජාව සවිබලගැන්වීමටත්, අධ්‍යාපනයටත් දක්වන දායකත්වය තවදුරටත් ශක්තිමත් කෙරේ.

 

 

අමතන්න
SiteLock