
සමාජ බලපෑම් වැඩසටහනක් | SDG 3: යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්මට අනුකූලව
පාරිසරික, සමාජයීය සහ පරිපාලන (ESG) ආකෘතියට සහ ආයතනික සමාජ වගකීම (CSR) පෙරදැරිව, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම 2025 දෙසැම්බර් 11 වනදා, මහරගම අපේක්ෂා රෝහලට ඇඳ ඇතිරිලි පරිත්‍යාගයක් සිදු කළේය.
රෝහල් කාර්යමණ්ඩලය සමග සිදු කළ පූර්ව සාකච්ඡා මගින් අනාවරණය වූයේ, පිළිකා සැත්කම්වලින් අනතුරුව ඇඳ ඇතිරිලි රුධිරය සහ සැත්කම් දියරවලට ලක්වන බවය. එම ඇඳ ඇතිරිලි නිරන්තරයෙන් සේදීමට කටයුතු කළ ද, එම පැල්ලම් මුළුමනින්ම ඉවත් කිරීමට නොහැකි බැවින් රෝගියාගේ සනීපාරක්ෂාවට සහ සුවපහසුවට එමගින් බලපෑමක් ඇති කරයි. මෙම මෙහෙයුම් අවශ්‍යතාව සහ රෝගියාගේ නිසි සනීපාරක්ෂාව තහවුරු කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම ඇඳ ඇතිරිලි තොගය පරිත්‍යාග කළේය.
එම සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා මුලසුන දරන තිරසර පරිපාලන කමිටුවේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ, සමාගමේ තිරසර ක්‍රමෝපාය සහ පරිපාලන ක්‍රමවේදවලට අනුකූලව මෙම වැඩසටහන දියත් කෙරිණි.
අපේක්ෂා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය බී. අයි. කුරුකුලසූරිය මහතා හට එම පරිත්‍යාගය නිල වශයෙන් බාර දෙන ලද අතර මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නියෝජනය කරමින් තිරසර මුල්‍යයන අංශයේ ප්‍රධානී මනෝජ් සිරිවර්ධන, ප්‍රදේශ අංක 1 හි ජ්‍යෙෂ්ඨ ප්‍රාදේශීය කළමනාකාර දිනේෂ් සෙනෙවිරත්න සහ ශාඛා කළමනාකාර දමිත් මාධව යන මහත්වරු ඒ සඳහා පහසුකම් සැපයූහ.
රෝගීන්ගේ සුබසිද්ධියට සහයෝගය ලබා දීම, සනීපාරක්ෂක ප්‍රමිති සවිබල ගැන්වීම සහ මෙරට ප්‍රධානත ම රජයේ සුවසේවා ආයතනයකට දායකත්වය ලබා දීම හරහා මෙම වැඩසටහන ESG ඉලක්කවල සමාජ අංශයට දායකත්වය ලබා දෙමින් තිරසර සංවර්ධන ඉලක්ක (SDG) 3 - යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්මට අනුකූලව දියත් කෙරිණි.
