
දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සඳහා ගෝලීය වශයෙන් ගන්නා උත්සාහයේ කේන්ද්‍රය බවට හරිතාගාර වායු විමෝචනය පත්ව තිබේ. එබැවින්, අපගේ පාරිසරික බලපෑම අවබෝධකර ගැනීමත්, ඒ වෙනුවෙන් අර්ථාන්විත පියවර ගැනීමත් සඳහා නිවැරදි හරිතාගාර වායු විමෝචන වාර්තාකරණයත්, තහවුරුකර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. තුන්වැනි පාර්ශ්වයකගේ තහවුරු කිරීම, විනිවිදභාවය, විශ්වසනීයත්වය මෙන්ම පැරිස් ගිවිසුම, එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක (SDGs), ශ්‍රී ලංකා මහ බැංකුවේ තිරසර මුල්‍ය මාර්ග සිතියම, UNFCCC රාමුව යටතේ ශ්‍රී ලංකාවේ ජාතිකව තීරණය කරන ලද දායකත්ව (NDCs) ආදිය සමග අනුකූල වීම තහවුරු කිරීමක් ද වේ.
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් අපි, පාරිසරික සහ සමාජයීය වගකීම සමග මුල්‍ය වර්ධනය සිදුවන තිරසර අනාගතයක් ගොඩනැගීම සඳහා කැපවී සිටිමු. මෙම කැපවීම තවදුරටත් පිළිබිඹු කරමින් අපි, අපගේ ආයතනික හරිතාගාර විමෝචන ප්‍රකාශනය තහවුරුකර ගැනීම සඳහා, පරිසර අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක පූර්ණ රාජ්‍ය සමාගමක්වන ශ්‍රී ලංකා දේශගුණ අරමුදල (SLCF) සමග අත්වැල් බැඳ ගත්තෙමු. බලයලත් තහවුරු කිරීමේ ආයතනයක්වන SLCF, තිරසර විසඳුම් පිළිබඳ විශේෂඥයන්වන අතර, හරිතාගාර වායු විමෝචන තහවුරු කිරීමේ සේවා, විමෝචන කළමනාකරණය සම්බන්ධ උපදේශනය සහ ශ්‍රී ලංකා කාබන් හර යෝජනා ක්‍රමය (SLCCS) පරිපාලනය සිදු කරමින් විශ්වසනීය කාබන් විමෝචනය අවම කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරයි.
2024/25 මුල්‍ය වර්ෂය සඳහා SLCF ආයතනය, හරිතාගාර වායු විමෝචනය සහ ඉවත් කිරීම පිළිබඳ ආයතනික මට්ටමේ සුදුසුකම් ලැබීම සහ වාර්තා කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදේශනය සමගින් ISO 14064-1:2018 පිරිවිතරවලට අනුව හරිතාගාර වායු විමෝචන ප්‍රකාශනය තහවුරු කිරීම සිදු කළේය. මෙම සංකීර්ණ ක්‍රියාවලියෙන් අනතුරුව, පරිසර අමාත්‍යංශය යටතේ ශ්‍රී ලංකා දේශගුණ අරමුදල විසින් අප හට "හරිතාගාර වායු විමෝචන තහවුරුව" පිරිනැමීමට කටයුතු කළේය.
අප විනිවිදභාවය, වගවීම සහ තිරසර ප්‍රගතිය වෙනුවෙන් දක්වන කැපවීම මෙමගින් වඩාත් නිරූපණය වේ. අපගේ කාබන් පියසටහන කළමනාකරණය කිරීමටත්, දේශගුණික විපර්යාස හමුවේ නොසැලී සිටීමටත්, ජාතික තිරසර ඉලක්කවලට සහයෝගය ලබා දීමටත් පූර්ව සූදානමකින් යුතුව කටයුතු කිරීමට අප නිබඳ කටයුතු කරමු. ඉදිරියේදීද අපි, මෙරට පාරිසරික, සමාජයීය සහ ආර්ථික වර්ධනයට දායකත්වය ලබා දෙමින් සැම ඇතුළත් සංවර්ධනයට මෙන්ම වඩාත් හරිත සහ තිරසර අනාගතයක් වෙනුවෙන් සහයෝගය ලබාදීම හරහා මෙරට ජනතාව සවිබල ගැන්වීමට කැපවන්නෙමු.