දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ගුණාත්මක අධ්‍යාපනයට අතහිත

ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් අප දක්වන කැපවීමට සහ එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක 4 - ගුණාත්මක අධ්‍යාපනයට අනුකූලව අපි අඩු වරප්‍රසාදලාභී දරුවන් වෙනුවෙන් පසුගියදා තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනක් දියත් කළෙමු.

ඒ අනුව, 2026 මාර්තු 10 වනදා අඩු වරප්‍රසාදලාභී පවුල්වල දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන දෙකටන, දෙකටන ප්‍රාථමික විද්‍යාලය සඳහා සහයෝගය ලබා දීමට කටයුතු කෙරිණි. අධ්‍යාපනයට අත්‍යාවශ්‍ය මෙවලම් සහ එදිනෙදා පාසලට පැමිණීමට අවශ්‍ය දෑ සපයා ගැනීම එම දරුවන්ට ඉමහත් අභියෝගයක් බවට පත්ව තිබේ.

එම අභියෝගයට අස්වැසිල්ලක් වීමේ අරමුණින් අපි පාසලට පිරිසිදු කිරීමේ සහ සනීපාරක්ෂක උපාංග පරිත්‍යාග කළෙමු. පංති කාමර 20 ක් තුළ අධ්‍යාපනය ලබන 500 කට ආසන්න සිසුන් හට එම උපකරණවල දැඩි අවශ්‍යතාවක් පවතින බව එම පාසලේ විදුහල්පතිතුමා අවධාරණය කළේය. ඒ අනුව, සෑම පංති කාමරයකටම පිරිසිදු කිරීමේ උපකරණ සහ පාසලේ එදිනෙදා නඩත්තු කටයුතු සඳහා අවශ්‍ය සනීපාරක්ෂක සැපයුම් ද ලබා දීමට කටයුතු කළෙමු.

ප්‍රාදේශීය කළමනාකාර ගිහාන් මැතිව් මහතාගේ නායකත්වය යටතේ, මහර ශාඛාවේ කාර්යමණ්ඩලයේ සහයෝගයෙන් යුතුව මහර කඩවත ශාඛා කළමනාකාර නුවන් කුමාර මහතා මෙම වැඩසටහන සංවිධාන කළේය. අපගේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා ප්‍රධානත්වය දරන තිරසර පරිපාලන කමිටුව මේ සඳහා අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්නේය.

මෙවැනි වැඩසටහන් හරහා, අවධානයට ලක්විය යුතු ප්‍රජාව වෙනුවෙන් ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් අප දක්වන කැපවීම තවදුරටත් ශක්තිමක් කිරීමට අපට හැකි වේ.

 

 

අමතන්න
SiteLock