කාන්තා ව්‍යවසායකත්ව වැඩමුළුව - ගොඩගම ශාඛාවේ කාන්තා දින සැමරුමක්

පාරිසරික, සමාජයීය සහ පරිපාලන (ESG) මූලධර්ම සහ තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් (විශේෂයෙන් තිරසර සංවර්ධන ඉලක්ක අංක 5: ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව) දක්වන කැපවීම පිළිබිඹු කරමින්, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ගොඩගම ශාඛාවේදී කාන්තා ව්‍යවසායකත්ව වැඩමුළුවක් සංවිධාන කෙරිණි.

ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන මහතා ප්‍රමුඛ තිරසර පරිපාලන කමිටුවේ මගපෙන්වීම යටතේ, ශාඛා කළමනාකාර දිලංක සංජීව මහතාගේ සහයෝගයෙන් සහ ප්‍රාදේශීය කළමනාකාර ක්‍රිශාන්ත හෙන්නදිගේ සහ අමිල එදිරිසිංහ යන මහත්වරුන්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන දියත් කෙරිණි.

තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීම, කළමනාකරණය කිරීම සහ පවත්වාගෙන යාම සම්බන්ධව දැනුම සහ ප්‍රායෝගික මගපෙන්වීම ලබාදීම හරහා කාන්තාවන් ව්‍යවසායකත්ව දැනුමින් සවිබල ගැන්වීම මෙම වැඩසටහනේ අරමුණ විය. අන්තර්කරණ සහ තිරසර ප්‍රජා සංවර්ධනය සඳහා කාන්තාවන් ආර්ථිකයට සම්බන්ධකර ගැනීම අත්‍යාවශ්‍ය සාධකයකි.

ගොඩගම සහ ඒ අවට ප්‍රදේශවල කාන්තා සමිති 50 කට අධික ප්‍රමාණයක් නියෝජනය කරමින් ආසන්න වශයෙන් කාන්තාවෝ 75 දෙනෙක් මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජයීය විද්‍යා පීඨයේ අපරාධ විද්‍යා සහ අපරාධ යුක්ති විනිශ්චය අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය කෞෂල්‍යා හේවාවසම් මහත්මිය සහ මනෝ විද්‍යාඥ හා බදුල්ලේ ජ්‍යෙෂ්ඨ මනෝචිකිත්සකවරයෙකුවන කෞමාල් ද සිල්වා මහතා මේ සඳහා සම්පත් දායකයින් ලෙස සිය දායකත්වය ලබා දුන්නෝය. කාන්තාවන් හට ආත්ම විශ්වාසය මෙන්ම තිරසර ජීවනෝපායක් ගොඩනගා ගැනීමට අවශ්‍ය ව්‍යවසායකත්ව චින්තනය, සමාජ සවිබල ගැන්වීම සහ පුද්ගලික නොසැලී සිටීමේ ගුණය සම්බන්ධ මගපෙන්වීම ලබාදීමට ඔවුහු කටයුතු කළෝය. වැඩමුළුව අවසානයේදී, සියලු කාන්තාවන් හට සහභාගීත්වය අගය කරමින් සහතිකපත් ප්‍රදානය කෙරිණි.

ප්‍රධාන කාර්යාලය සහ ශාඛා නියෝජනය කරමින්, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ලක්සඳ ගුණවර්ධන, අලෙවිකරණ, තිරසාරත්ව සහ CRM තැන්පතු සාමන්‍යාධිකාරී රෝෂිනී ඉඳුරුවගේ, අලෙවිකරණ සහ සන්නිවේදන ප්‍රධානී තක්ෂිලා කෝනකලගල සහ තිරසර මුල්‍යයන ප්‍රධානී මනෝජ් සිරිවර්ධන යන ඉහළ නායකත්ව කණ්ඩායම ඇතුළු විශාල පිරිසක් මේ සඳහා සහභාගී වූහ. ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානාත්මතාව, අන්තර්කරණ නායකත්වය සහ ප්‍රජා සවිබල ගැන්වීම සඳහා ආයතනය දක්වන සවිමත් කැපවීම, ඔවුන්ගේ සහභාගිත්වය මගින් වඩාත් විදහා දැක්විණි.

මෙම වැඩසටහන හරහා, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම ESG මූලධර්මවලට අනුකූලව කාන්තාවන් ආර්ථිකමය වශයෙන් ඔසොවා තැබීම, ප්‍රජාවගේ නොසැලෙන ගුණය ශක්තිමත් කිරීම සහ වගකීම්සහගත, අන්තර්කරණ වර්ධනයක් අත්කර දීම වෙනුවෙන් තමන් දක්වන කැපවීම තවදුරටත් පෙන්නුම් කරයි.

 

 

අමතන්න
SiteLock