Game Changers සම්මේලනය 1
සියලු සේවා අංශ තුළ විශිෂ්ට දායකත්වය දැක්වූ කාර්යමණ්ඩල සාමාජිකයින් ඇගයුමට ලක් කරමින්, Sales Inauguration Series යටතේ MI Finance පළමු Game Changers සම්මේලනය සාර්ථකව පැවැත්විණි. පසුගිය අප්‍රේල් 9 වැනිදා ජයික් හිල්ටන් හෝටලයේදී පැවති එම අවස්ථාව සඳහා MI Finance ශාඛා ජාලය නියෝජනය කරමින් ඉහළ හැකියා පෙන්නුම් කළ කාර්යමණ්ඩල සාමාජිකයෝ විශාල පිරිසක් සහභාගී වූහ.
ආයතනය තුළ විශිෂ්ටත්ව සහ අඛණ්ඩ කාර්යසාධනය ඇගයුමට ලක් කිරීමත්, ඉහළ ජයග්‍රහණ හඹා යන සංස්කෘතියක් ගොඩනැගීමත් අරමුණුකර ගනිමින් මෙම සමාරම්භක සම්මේලනය සංවිධානකර තිබිණ. විවිධ සේවා අංශ තුළ කැපවීම, ප්‍රතිඵල පදනම්කර ගත් ප්‍රවේශය සහ කැපීපෙනෙන දායකත්වය තුළින් සමාගමේ වර්ධනයට දායකත්වය ලබාදුන් කාර්යමණ්ඩල සාමාජිකයින් මෙහිදී ඇගයුමට ලක් කෙරිණි.
තවද, නායකත්ව කණ්ඩායමෙන් අනාගත ව්‍යාපාරික දිශානතිය, ක්‍රමෝපායික ප්‍රමුඛතා සහ පුද්ගලික හා වෘත්තීය සංවර්ධන අවස්ථා පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා ගැනීමට ද මෙහිදී කාර්යමණ්ඩල සාමාජිකයින් හට අවස්ථාව උදා විය. අදහස් බෙදාහදා ගැනීමේ ආකෘතියකට අනුව මෙම සම්මේලනය සංවිධානකර තිබීම හේතුවෙන් දැනුම හුවමාරුකර ගැනීමටත්, සහයෝගීතාව වර්ධනයකර ගැනීමටත්, කණ්ඩායම් අතර ගැළපීමක් ගොඩනගා ගැනීමටත් එය මනා පිටිවහලක් විය.
Game Changers සම්මේලනය, කාර්යසාධන සංස්කෘතිය ශක්තිමත් කිරීමත්, කාර්යමණ්ඩල සාමාජිකයින් දිරිමත් කිරීමත්, MI Finance මීළඟ නායකයින් ගොඩනැගීමත් ඉලක්කර ගනිමින් සංවිධාන කෙරෙන වැඩසටහන් මාලාවක ආරම්භය සනිටුහන් කරයි.
අඛණ්ඩ සාර්ථකත්වය ළඟාකර ගැනීම සඳහා මානව සම්පතේ විශිෂ්ටත්වය ඇගයුමට ලක් කිරීමටත්, ඔවුන් බලගැන්විමටත් MI Finance කැපවී සිටී.