මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් හිදී අප සමාගමේ කටයුතු පාලනය කිරීම සඳහා ඵලදායි පාලන රාමුවක් භාවිතා කරනු ලැබේ. නියාමන කටයුතු සම්බන්ධ අවශ්‍යතා සපුරාලීම සහ අපගේ සියලුම පාර්ශවකරුවන් වෙත තිරසාර අගයක් ලබාදීමේ ව්‍යාපාරික අරමුණ සඳහා එය වැදගත් වේ. අපගේ ප්‍රබල ආයතනික අගයන්, අපගේ සංස්කෘතිය, ආයතනික ප්‍රතිපත්ති හා ක්‍රියාවලි ඔස්සේ පවත්නා පාලන රාමුව සමාගමේ සියලුම මට්ටම් ඔස්සේ සැලසුම්කර ආයතනගත කර ඇති අතර අප ව්‍යාපාර කටයුතු වල නිරතවන ආකාරය සඳහා අපගේ අතිශයින් වැදගත් විචක්ෂණශීලි චින්තනය යොදා ගනී. තාක්ෂණික දියුණුව සමඟ යාවත්කාලීන දැනුමෙන් යුතු ව පාලන රාමුව අඛණ්ඩව විකාශනය වනු ලැබේ. එය ව්‍යාපාර කටයුතුකරගෙන යෑම සඳහා නව මාර්ග කරා මෙහෙයවන අතර ඒ සමඟින් දැනට පවතින රෙගුලාසි හා නියෝගවලට අමතරව පුළුල් පරාසයක විහිදෙන නියාමන අනුකූලතා අවශ්‍යතාද එක් කෙරේ. එහි රාමුව ඵලදායි තීරණ ගැනීම සඳහා රුකුලක් වන අතරම අපගේ සියලුම ප්‍රධාන පාර්ශවකරුවන්ට අදාළව අනුකූලතාවය හා කාර්යසාධනය සඳහා පාලන හා අධීක්ෂණ විධිවිධාන සැලසීම සඳහා ද උපකාරී වේ.

ආයතනික යහපාලනය හා අවදානම් කළමනාකරණය සම්බන්ධ අතිරේක අනාවරණය කිරීම්:

ප්‍රස්තාරය බලන්න - ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවිය සඳහා තොරතුරු ඉදිරිපත් කිරීම

ප්‍රස්තාරය බලන්න - රෙගුලාසි / නියෝග / මාර්ගෝපදේශ

අමතන්න
SiteLock