දශක පහකටත් අධික කාලයක් මෙම ක්ෂේත්‍රයේ සවිමත් ස්ථානයක් පවත්වා ගෙන සිටින, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසනීය මූල්‍ය සමාගම් අතුරින් එකකි. රටෙහි පුරවැසියන්, ආර්ථිකය හා පරිසරය කෙරෙහි වැඩි වටිනාකමක් එකතු කිරීම සඳහා කැපවුණ 1,000 කට අධික සේවක මණ්ඩලයක් සේවයේ යොදවමින්, ශ්‍රී ලංකාවේ පළාත් නවය පුරාම අප විසින් ව්‍යාපාරික කටයුතු මෙහෙයවනු ලැ‍බේ.

අපගේ ආයෝජකයින් සඳහා ස්ථිර හා තිරසර ප්‍රතිලාභ ලබාදීම තහවුරු කරන අතරම, ස්වකීය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අපගේ සහාය අපේක්ෂා කරන සේවාදායකයන් සඳහා අපි සෑම අවස්ථාවකම නිබඳ ශක්තියක් වී ඇත්තෙමු. සේවාදායකයන් සමඟ පවතින දැඩි කාර්ය සබඳතාවය හා අපගේ නිමැවුම් හා ව්‍යාපාරික මෙහෙයුම් තුළ පවත්නා පුළුල් විශේෂඥතා දැනුම ඔස්සේ අප විසින් විශ්වාසනීය සම්බන්ධතාවයක් ගොඩනඟා ඇත. අපගේ ආයෝජකයන් හා සේවාදායකයන් තුළ අප කෙරේ පවත්නා අගය කිරීමෙන් ඔබ්බට සපැමිණ, සේවායෝජකයෙකු හා බදු ගෙවන්නෙකු සේම, ජනතාවට, ප්‍රජාවට හා පොදුවේ සමස්ත සමාජය වෙතම සමීප ආයතනයක් ලෙස විවිධ ප්‍රයත්නයන් ඔස්සේ රටෙහි ආර්ථික, සමාජ හා පාරිසරික මනා පැවැත්ම උදෙසා දායක වීමට අප උත්සාහ දරන්නෙමු.

අපගේ සමෝධානික ව්‍යාපාරික ආකෘතිය

මූල්‍ය වත්කම්, යටිතල පහසුකම්, අපගේ බුද්ධිය, නිපුණතා හා පුළුල් ශ්‍රම බලකාය, අපගේ සන්නාම ප්‍රබලතාවය, නවෝත්පාදන සඳහා හැකියාව, වෙනස්වීම් ආරම්භ කිරීම හා අනුගත වීම, අපගේ සේවාදායකයන් හා සමාජය සමඟ පවතින මනා සබඳතාවය හා හිතකර ස්වාභාවික පරිසරය ඇතුළත් වන ප්‍රාග්ධන ආකාර වශයෙන් පවතින සම්පත් රාශියක් මත අපගේ කටයුතු රඳා පවතී. මෙකී සම්පත් විවිධ වූ ව්‍යාපාරික ක්‍රියාවලි ඔස්සේ මාර්ගගත වී ඇති අතර එමඟින් අපගේ ව්‍යාපාරික අංශ ඔස්සේ ආදායම් උත්පාදනය කරගැනීමේ හැකියාව ලැබී පවතී. අපගේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් හා අනුගත අපගේ ක්‍රියාවලි ඔස්සේ එකී සම්පත් ව්‍යාපාරික ප්‍රතිඵල හා බලපෑම් වලට පරිවර්තනය වනු ලැබේ. අප විසින් මෙය “අගයක්” වශයෙන් හඳුන්වන අතර එය දීර්ඝකාලීන බව සමඟින් තිරසාර ද වේ.

ප්‍රස්තාරය බලන්න - අපගේ වටිනාකම් නිර්මාණය කිරීමේ ආකෘතිය

අමතන්න
SiteLock