රත්තරන් උදව්වක්
<p>missing</p>

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් එදිනෙදා ඇතිවිය හැකි සියලුම මූල්ය අවශ්යතාවයන් සදහා ක්ෂණික විසදුම් සපයන විවිධ වර්ගයේ ණය පහසුකම් සපිරි ආයතනයකි. එය කෙතරම් හදිසි මූල්ය අවශ්යතාවයක් වුවද ඒ සදහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සතු වේගවත්ම සහ ආරක්ෂිතම මුල්ය පහසුකම වනුයේ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවයි.

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය හරහා ඔබගේ රන් භාණ්ඩ මත ණය අත්තිකාරම් ලබා ගැනීමට හැකිවන අතර ඔබගේ ඔනෑම මුදල් අතිරික්තයක් පියවාගැනිම සදහා ඔබට ඇති පහසුම ක්රමය මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවයි. ආකර්ෂණීය පොලී අනුපාත සහ ගනුදෙනු කරුවෙත කඩිනමින් මුදල් ලබාගැනිමත් සිය ගනුදෙනුකාරභවතුන් වෙත ඉහළ තෘප්තිමත් සේවාවක් ලබා දීම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාව හරහා සිදුකෙරේ.

සුදුසුකම්
  • වයස අවු: 18 ට වැඩි ඔනෑම පුරවැසියෙක් රණ් ණය මුදලක් ලබා ගැනිමට සුදුසු වේ
  • වලංගු ජා. හැදුනුම්පත/ විදේශ ගමන් බලපත්රය අවශ්ය වේ
වැඩිදුර විස්තර සඳහා අපගේ ක්ෂණික ඇමතුම් අංකයට ඇමතුමක් ලබාගන්න: +94 70 2357313
මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් රන් ණය සේවාවේ ප්‍රතිලාභ
  • පලමු දින 10 සදහා පොලී අයකිරිමක් නැත
  • විනාඩි 03ක් ඇතුලත මුදල් ලබා ගැනිමට හැකිවීම
  • පෙර දැනුම් දිමකින් තොරව රණ් භාණ්ඩ බේරාගැනිමේ අඩුම පොලී අනුපාත සමගින් ආපසු ගෙවීමේ සහ කොටස් වශයෙන් ගෙවීමේ ක්‍රම
  • ඔබටත් ඔබගේ රත්තරං සදහාත් ඉහළම වටිනාකම
  • දෛනික ශේෂය මත පොලිය ගණනය වීම
  • අවමය රු 5000/- සිට ණය මුදල් පිරිනැමීම
කිසිඳු අමතර ගාස්තුවකින් තොරව අපගේ රන් ණය පාරිභෝගිකයින් වෙනුවෙන්ම රක්ෂණාවරණයක්

අපගේ සියලුම රන් ණය පාරිභෝගිකයින් හට, කිසිඳු අමතර ගාස්තුවකින් තොරව සමස්ත ණය කාල සීමාව පුරාම නොමිලේ රක්ෂණාවරණයක් හිමි වේ. මෙම රක්ෂණාවරණය, ඔබත් ඔබටත් පවුලේ සාමාජිකයන්ටත් අනපේක්ෂිත අවස්ථාවලදී රැකවරණය ලබා දීම වෙනුවෙන් සකස්කර තිබේ.

මෙම අමතර රැකවරණය පිරිනැමීම හරහා, මුල්‍ය සහයෝගය ලබා දීමෙන් ඔබ්බට යමින් ඔබගේ දිගුකාලීන සුරක්ෂිතබව සහ මානසික නිදහස ඔබට උරුමකර දීම අපගේ අරමුණයි. අත්‍යාවශ්‍ය ජීවිත රැකවරණය, අබාධිත සහ රෝහල්ගත වීමේ ප්‍රතිලාභ ඇතුළු ප්‍රතිලාභ රැසකින් මෙම රක්ෂණාවරණය සමන්විත වේ. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් රන් ණය ලබාගත් ඔබ ඔබගේ චාරිකාව පුරාම සුරක්ෂිතය.

රක්ෂණාවරණය මගින් ආවරණය වන්නේ මොනවාද?

සියලුම සුදුසුකම්ලත් රන් ණය පාරිභෝගිකයින් හට ස්වයංක්‍රීයව පහත ප්‍රතිලාභ හිමි වේ:

  • 1. ජීවිත රැකවරණය:
    ණය කාලය තුළ රෝගාබාධයක් හෝ හදිසි අනතුරක් හේතුවෙන් අකල් මරණයක් සිදු වුවහොත් රු. 100,000 ක මුල්‍ය ප්‍රතිලාභයක් පිරිනැමේ.
  • 2. පූර්ණ සදාකාලික අබාධිත තත්ත්වය:
    හදිසි අනතුරක් හෝ රෝගාබාධයක් හේතුවෙන් පාරිභෝගිකයෙකු පූර්ණ සහ සදාකාලික අබාධිත තත්ත්වයට පත්වුවහොත්, පාරිභෝගිකයාට සහ ඔහුගේ/ඇයගේ යැපෙන්නන්ට සහයෝගය ලබාදීම සඳහා රු. 100,000 ක මුල්‍ය ප්‍රතිලාභයක් පිරිනැමේ.
  • 3. රෝහල් මුදල් ප්‍රතිලාභය:
    පාරිභෝගිකයා පසුගිය පැය 48 තුළ රෝහල්ගත වී ඇත්නම්, එම රෝහල්ගත වීම හේතුවෙන් දෛනිකව දැරීමට සිදුවන වියදම් ආවරණය කිරීම සඳහා දින 15 ක් දක්වා දිනකට රු. 1,000 ක රෝහල් මුදල් ප්‍රතිලාභයක් පිරිනැමේ.

 

ඔබේ රක්ෂණ හිමිකම ලබාගත හැක්කේ කෙසේද?

  • 1. ඉහත සඳහන් ඕනෑම තත්ත්වයක් උද්ගත වුවහොත්, රක්ෂණ හිමිකම්පෑමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අදාළ ලියකියවිලි සමග දින 14 ක් තුළ ඔබේ ළඟම පිහිටි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛාවට පිවිසෙන්න.
  • 2. අවශ්‍ය පෝරම ලබා දීමටත් සෑම අදියරකදීම අවශ්‍ය සහයෝගය ලබා දීමටත් අපගේ කාර්යමණ්ඩලය කටයුතු කරනු ඇත.
  • 3. ලියකියවිලි සම්බන්ධව කඩිනම් සහයෝගය ලබා ගැනීමට සහ විමසීම් සිදු කිරීමට කරුණාකර 0112 10 10 10 අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතන්න.

 

*කොන්දේසි සහිතයි

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
+94 0112 10 10 10

අමතන්න
අමතන්න
SiteLock