විග්‍රහය

වසර 60 කට අධික කාලයක පටන් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකර ඇත. 2011 අංක 42 දරන මුල්‍ය ව්‍යාපාර පනත යටතේ බලපත්‍රලාභී සමාගමක්වන එය, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ ද්විතීයික මණ්ඩලයේ ලැයිස්තුගත වී තිබේ. 

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් යනු, ලීසිං පහසුකම්, ස්ථාවර තැන්පතු, රන් ණය, සූර්ය පැනල ණය, පුද්ගලික ණය සහ තිරසර ව්‍යාපාරික ණය ආදී සේවා හරහා මෙරට ජනතාවටත්, ව්‍යාපාරික ප්‍රජාවටත් නම්‍යශීලී සහ විශ්වසනීය මුල්‍ය විකල්ප පිරිනමන, ශාඛා 85 කට අධික ශාඛා ජාලයකට හිමිකම් කියන ප්‍රමුඛත ම මුල්‍ය සේවා සම්පාදකයෙකු වේ. එම සමාගම, රු. බිලියන 13 කට අධික ප්‍රාග්ධන පදනමකට මෙන්ම, රු. බිලියන 50 ක ස්ථාවර තැන්පතු පදනමකට සහ රු. බිලියන 100 ක වත්කම් පදනමකට ද හිමිකම් කියයි. 

වසර ගණනක් පුරා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම පෙන්නුම් කළ ශක්තිමත් මුල්‍ය කාර්යසාධනය, එම සමාගමේ සවිමත් ප්‍රාග්ධන පදනම ගොඩනගා ගැනීමටත්, බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ මුල්‍යමය වශයෙන් ස්ථාවරම ආයතනයක් ලෙස කීර්ති නාමයක් හිමිකර ගැනීමටත් හේතු වී ඇත. දශක ගණනක් පුරා යහපාලනය, ආචාර-ධාර්මික ක්‍රමවේද සහ වගකීම්සහගත තීරණ ගැනීම මත සමාගමේ සියලු ජයග්‍රහණ ගොඩනැගී තිබේ. 

උද්‍යෝගිමත් සහ කැපවුණු කණ්ඩායම, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ සාර්ථකත්වයට තවත් ප්‍රබල හේතුවකි. ඔවුහු සෑම දිනකම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඔවුන් හට සැබෑ අගයක් පිරිනැමීමටත් කැප වෙති. අපගේ විකුණුම් සහ අලෙවිකරණ කණ්ඩායම්, සෑම පාරිභෝගිකයෙකු හටම බාධාවකින් තොර සේවාවක් ලබාදීම සඳහා සමීපව කටයුතු කරති. කඩිනම්, විශ්වසනීය සහ පාරිභෝගිකයින්ගේ අපේක්ෂා ඉක්මවා යන සේවාවක් ලබාදිය හැකි විසඳුම් පිරිනැමීමට අප සතු තාක්ෂණික සහයෝගය ඒ සඳහා උපකාරී වී තිබේ. 

 

අභිප්‍රාය

ජනතාවගේ අපේක්ෂා ඉක්මවා වන අර්ථවත් වටිනාකමක් නිර්මාණය කරලීම උදෙසා

අපගේ දැක්ම

තිරසර ජාතියක් ගොඩනැංවීම උදෙසා වන හෘදයාංගම ආයතනික වගකීම සමඟින් විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවූ ජනතාවගේ හදවත් තුළ රැඳි පවතින ප්‍රධානතම මූල්‍ය සේවා සැපයුම්කරුවෙකු බවට පත්වීම

අපගේ මෙහෙවර

සම්පත් කාර්යක්ෂම අන්දමින් යොදවා නව්‍ය මූල්‍ය විසඳුම් රැගෙන ඒම හා එමඟින් අපගේ ව්‍යාපාරික පාර්ශවකරුවන් දියුණුවට පමුණුවා ලීම සිදුකරන අතර ම, අපගේ ව්‍යාපාරික වපසරිය තුළ ඉදිරියෙන් සිටිමින් ලාභදායි ආයෝජක ප්‍රතිලාභ තහවුරු කිරීම හා අපගේ සේවක මණ්ඩලය හා සමාජය වෙත තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම සඳහා කටයුතු කිරීම

ප්‍රධාන ප්‍රතිපත්ති
  • අපේක්ෂා අභිභවා යන පරිද්දදෙන් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම
  • අපගේ ජනතාව තුළ අප පිළිබඳව දිගු කාලීන හා ධනාත්මක හැඟීමක් ඡනිත කරවීම
  • සියලු මට්ටම්වල සේවා සැපයීමේදී ජාත්‍යන්තර මට්ටමේ සේවා සැපයීමක් ලබා දීම
  • ව්‍යාපාරික පරිචයන් අපගේ මූලික හරයාත්මක වටිනාකම් සමඟ අනුකූලවන බවට තහවුරු කර ගැනීම
හරයාත්මක වටිනාකම්
  • සානුකම්පිතබව: පාරිභෝගික අපේක්ෂා සඳහා ක්‍රියාශීලි අන්දමින් සංවේදී වීම
  • ගෞරවය: සේවක ප්‍රයත්නයන් ස්තූති පූර්වකව පිලිගැනීම හා සහතික වීම සමඟ එම ප්‍රයත්නයන් හඳුනාගැනීම හා දිරිමත් කිරීම
  • සාමූහිකත්වය: ඕනෑම ආකාරයක කාර්යක දී සාමූහික හා එකමුතු භාවයෙන් කණ්ඩායමක් ලෙස එකතුවී සිදුකරන ප්‍රයත්තනයන්
  • අවංකබව: ස්ථිරසාර අන්දමින් නිවැරදි දෑ වෙනුවෙන් පෙනී සිටීම
  • විචක්ෂණශීලිබව: පිරිවැය හා ආදායම් පිළිබඳ කල්පනාකාරීව සියලු ආකාරවලින් පාර්ශවකරුවන් සඳහා වටිනාකම් නිර්මාණය කිරීම
  • තරඟකාරිත්වය: සාධාරණ නමුත් තරඟකාරිත්වය තුළ දී ආක්‍රමණශීලිබව
  • සදාචාරවත්බව: සමාජීය වගකීමෙන් යුතු වීම හා සියලු ක්‍රියාමාර්ග සදාචාරාත්මක බවට තහවුරු කිරීම
  • මිත්‍රශීලිබව: මූල්‍ය කටයුතු වලදී “මිත්‍රශීලී විශේෂඥයකු වීම ”, මූල්‍ය විසඳුම් හා ඉහළ මට්ටමේ සුපිරි සේවා ඔස්සේ සන්තුෂ්ටිය ලඟාකර දීම
අමතන්න
SiteLock